Addsence

Thursday, December 29, 2011

විභාගේ ........... ??????? විභාගේ ............... ??????? Exam ..............????? Exam ?????????????????????????

ඔන්න අද මගෙ ජීවිතේ තවත් කඩඉමක් පනින්න පටන් ගත්තු දවස ............
අද තමයි National Certificate in Technology Quantity Surveying  (NCT QS)  Exam එක පටන් ගත්තේ...
අද තිබුනේ Quantity Surveying II 
ටිකක් විතර ලෙසියි එ කිවුවට ගොඩක් අමාරුයි...............  ,
ඔන්න ඔහේ ලියල දැම්ම .........................
ප්‍රතිපල බලමු ඉස්සරහට...............

ඔං එ විබාගෙත් ඉවර උනා ඊයේ.... (04 ජනවාරි 2012)

මෙන්න තිබුන ප්‍රශ්නපත්තර

Subject
Download
OPT 1
OPT 2
OPT 2
Quantity Surveying II
(ප්‍රමාණ සමීක්ෂණය )

Construction Management Techniques
(නිර්මාණ කලමනාකරණ ශිල්ප ක්‍රම )
Interim Valuations & Final Accounts
අතුරු තක්සේරු කිරීම හා අවසාන ගිණුම්
Construction Technology III
නිර්මාණ තාක්ෂණය 
Contractual & Administrative Law 
කොන්ත්‍රාත් හා පරිපාලන නීතිය 
Estimating & Costing
ඇස්තමේන්තු හා පිරිවැය

Wednesday, October 19, 2011

යතාර්ත වගකීම හා රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය (Rule of Ryland vs Flecher)

 
යම්කිසි දිලීක්ත වරදක් කරන කෙනෙකුට තමක් කරන දිලීක්ත වරදට සෘජුවම වගකිව යුතු වේ

එහෙත් තමන් විසින් හිතාමතා යම් වරදක් නොකරත් තමාගේ සේවකයකු හො තමාගේ පාලනය යටතේ කටයුතු කරන අයකු විසින් කරන ලද වරදකට එම තැනැත්තා සේවයේ යොදවන තැනැත්තාද වගකිව යුතුය එම වගකීම ප්රතිපුරුශ වගකීම යැයි කියමු

තමා චේතනාත්මකව වරදක් නොකරද තමා පදින්චි ස්තානයෙන් හො ඉඩමෙන් අනතුරු දායක දෙයක් නිකුත් වීමෙන් අසල් වැසියන්ගේ යාබද දේපලකට හානියක් සිදුවුවහොත් එම හානිදායක දේපල රැස්කරගත් තැනැත්තාටද දේපල හිමියාටද එම වගකීම පැවරේ එම වගකීම යතාර්ත වගකීම ලෙස හැදින්වේ
යතාර්ත වගකීම පිලිබද දිලීක්තය (තොරත) සිද්දාන්තය ඉංග්රීසි නීතියේනම්කර ඇත්තේ රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය (Rule of Ryland vs Flecher)  යනුවෙනි මෙම නඩුව 1868 වර්ශයේදි එංගලන්තයේ විබාගවු ප්රකට නඩුවක තීන්දුවකි එහිදී සිද්දිමය කාරනාව වුයේ



මොලක් ක්රියාත්මක කිරීම සදහා යලය රැස්කිරීමට ඉඩමක ටැන්කියක් සෑදීම සදහා විශාල වලක් හාරන ලදි  එවිට යාබද ඉඩමේ පතල්වලට සම්බන්ද සිදුරු වගයක් මතුවිය එවා නොවසා ටැන්කිය සකස්කල විට ටැන්කියේ ජලයෙන් පතල පිරීගියේය ටැංකිය ඉදිකරන ලද නිදහස් ගිවිසුම්කරුගේ නොසැලකිල්ලට මොල් හිමියා වගකිව යුතුයැයි සාමි මන්ත්රීමන්ඩලය තිරනය කලේය

මෙම නඩුවේදී බ්ලැක්බර්න් ( Blackburn) විනිස්චයකාර තුමා රීතියක් සදහන් කලේය එම රීතියනම්

තම ප්රයොජනය සදහා ඉඩමක පදින්චිකරු හො අයිතිකරු විසින් ඉඩමේ තබාගෙන සිටින අනතුරු දායක යම් දෙයක් යම් අත්වැරදීමකින් දේ ඉඩමෙන් පිටවී තවත් කෙනෙකුට හො වෙනත් දේපලකට හානියක් සිදුවෙයිනම් එම අනතුරු දායක දෙය නිකුත්වීම වැලැක්වීමට එම තැනැත්තා බැදීසිටී එසේම අනතුරු දායක ද්රව්යනිකුත්වීමෙන් සිදුවන සියලුම හානි වලට ඔහුවගකිය යුතුය

"Wherea person for his own purposes brings and keeps on land in his occupation anything
likely to do mischief if it escapes, he must keep it at his peril, and if he fails to do so, he is
liable for all damage which is a natural consequence ofthe escape."

මෙය රයිලන්ඩ් එදිරිව ෆ්ලෙචර් රීතිය ලෙස නීතිවේදීන් අතර ප්රචලිතව පවතී
 .....................................................................................................................................................................

Refer

4. lawnet    
   

Monday, October 3, 2011

දිලීක්ත නීතිය (Tort Law)


දිලීක්ත නීතිය (Tort Law)

දිලීක්ත නීතිය යනු රොමලන්දේසි නිතික්රමය අනුව වර්දනය වු නිති ක්රමයකි ඉංග්රීසි නීතියේ හානිපුර්නයට සම්බන්ද නීතිය හදුන්වන්නේ "තොරත" (Tort) නිතිය වශයෙනි
දිලීක්ත නීතිය යනු කුමක්දැයි හදුනාගැනිම සදහා අතීතයේ සිටි මහා නීතිවේදීන් පිලිබදව කරන ලද අර්ත නිරූපන කිහිපයක් සලකා බැලිය යුතුය

  • මැකරන් නැමති නීතිවේදියා පවසා ඇත්තේ යමෙකු තවත් කෙනෙකු කෙරෙහි පැවරිය හැකි නීතිමය යුතුකමක් පැහැර හැරිමක් හේතුවෙන් හානියට පත්වු පුද්ගලයාට වන්දි ගෙවීමට ගොඩනැගී ඇති නීති කොට්ටාශය ලෙසය

  • ෆුට්(Voet)  නැමති නිති වේදියා අර්ත දක්වා ඇතේයුක්ති සහගට නොවන ලෙස ඔනෑකමින් හො නොසැලකිලිමත් කමෙන් යමකු තවත් පුද්ගලයකුට පීඩාවක් කිරීම දිලීක්තයකි

  • ඉංග්රිසි නීතිය යටතේ  නිතියෙන් පවරා ඇති යුතුකමක් පැහැර හැරීම තොරතයකි

දිලීක්තයක් අපරාද නීතියෙන් වෙනස්වේ අපරාද නීතියේ ප්රදාන අරමුන වන්නේ අපරාද කරුවන්ට දඩුවම් පැමිනවීමයි දිලීක්ත නීතියේ අරමුන වන්නේ සිදුවු අලාබය වෙනුවෙන් හානිපුර්නය කිරීමයි

ලංකාවේ බාවිතවන්නේ දිලීක්ත නීතියයි, එසේ වුවද ඉංග්රීසීන්ගේ පාලන සමයේ නඩු තීන්දු ප්රකාශ කල ඉංග්රීසි විනිස්චයකාරවරු තොරත නීතියේ එන සන්කල්පද තම නඩු සදහා උපයොගී කරගත්තේය

උදාහරන

සමීන්  එදිරි  සේගුතම්බි - 25 NLR 485
සුදුබන්ඩා  එදිරි පුන්චිරාල - 25 NLR 512

අනුව ලංකාවේ හානි පුර්නය සම්බන්දයෙන් බාවිතාවන නීතිය සීයට සීයක්ම රොම ලන්දේසි නීතිය නොව එය ඉංග්රීසි නිතියේ එන තොරත නිතියද සම්මිස්ස්රනය වී පවතී

දීලීක්ත නීතියේ විශේෂ ලක්ෂන

දීලීක්ත නීතිය අනුව ඇත්තේ ප්රදාන නඩුකර දෙකකි

  1. ඇක්විඩියානු නඩුකර (Aquilian)
  2. ඉන්ජූර්යරුම් නඩුකර (Injuriarum )

ඇක්විඩියානු  නඩුකර  (AquilianLaw)

කෙනෙකුගේ ශරීයයට,දේපලට හො ප්රවේනියට කරනු ලබන හානියක් ඇක්විඩියානු නඩුකරයට අයත් වේ

ඇක්විඩියානු නඩුකරයක් පැනවීමට නම් සම්පුර්න කලයුතු කරුනු

  1. විත්තිකරු විසින් අයුතු ක්රියාවක් කරතිබීන
  2. විත්තිකරුගේ ක්රියාවෙන් පැමිනිලි කරුට හානියක් හො පාඩුවක් සිදුවීම
  3. විත්තිකරුගේ අයුතු ක්රියාව නොසැලකිලිමත් කමින් හො ඔනැකමින් කරතිබීම

ඉන්ජූර්යරුම් නඩුකර  (InjuriarumLaw)

කෙනෙකුගේ චරිතයට හො කීර්ති නාමයට හානියක් සිදුකිරීම ඉන්ජූර්යරුම් නඩුකර  යටතේ වගකීම් පැවරීමට නම් පහත සදහන් අවෂ්යතාවයන් සම්පුර්න කර තිබිය යුතුය

  1. ප්රකට ක්රියාවක්
  2. තුලින් යමකුගේ කීර්තිනාමයට ගරුත්වයට සමාජ පිලිගැනීමට හානියක් සිදුවි තිබීම
  3. එකී ක්රියාවට ඔනෑකමින් හො නොසැල්ලකිල්ල මත සිදුකර තිබීම
  4. එකී ක්රියාවට සදාචාරයට විරුද්ද වරදක්වි තිබීම

නොසැලකිල්ල (Negligence)

සාදාරන බුද්දිමත් පුද්ගලයකු විසින් යම් ක්රියාවක් සිදුකිරීමේදි සැලකිලිමත් වියයුතු මට්ටමට වඩා අඩුමට්ටමකින් ක්රියාකිරීම නොසැලකිල්ල වේ

නොසැලකිල්ල සිදුවීමටනම් කරුනු තුනක් සම්පුර්න කලයුතු වේ

ü      යමක් සිදුකිරීමේදී එයින් අනුන්ට සිදුවිය හැකි අනතුර වැලැක්වීමට සුපරික්ෂා කාරී නොවීම
ü      සැලකිලිමත් නොවිම නිසා අනුන්ට යම් අනතුරක් සිදුවීම
ü      ක්රියාවක් සිදුකිරීමෙන් හො වගකීමක් පැහැර හැරීමෙන් තමාගේ යුතුකම පැහැරහැර තිබීම

උදාහරන

උස්බිමක පිහිටි A නැමති පුද් ගලයාට අයත් ඉඩමක ඇති කලුගලක් ඉවත් කිරිමට අවෂ්යයැයි සිතමු එය එවත්කිරීමේදී පහල ප්රදේශවල ඇති එඩම්වලට හානියක් වෙතැයි බැලූ බැල්මට පෙනේ එහෙත් ගැන නොතකා කම්කරුවන් යොදවා කලුගල එවත් කිරීමට යාමේදී ඵල ඇති B ගේ ඉඩමට එය පෙරලී ගොස් එහි දේපල වලට හා මිනිසුන්ට හානියක් සිදු උනිනම් එය වගකිම පැහැර හැරීමක් වන අතර එහි වගකීම A විසින් බාරගත යුතුය