Addsence

Friday, April 6, 2012

ගිවිසුම් නීතිය - Contract law


ගිවිසුම් නීතිය

සෑම මනුශ්‍යයකුටම ගිවිසුම් අත්‍යාවෂ්‍ය වේ. මේ ගිවිසුම් වලින් තොරව වානිජ ලොකයක් පැවතිය නොහැක ගිවිසුමක් යනු පාර්ශවයන් බැදතබනු ලබන සම්මුතියකි (එකග තාවකි) සියලුම ගිවිසුම් සම්මුතීන් එකග තාවයන් වනනමුත් සියලුම සම්මුතීන් ගිවිසුම් නොවේ .

උදාහරන
අවමන්ගල්‍යයක් සදහා සුදු සාරියකින් සැරසීයෑම සම්මුතියකි

ගිවිසුමක් යනු නෙයිතික වශයේන් බලාත්මක කලහැකි පොරොන්දුවක් හො පොරොන්දු මාලාවකි
එ අනුව සෑම පොරොන්දුවක්ම ගිවිසුමක් බවට පත්නොවේ ගිවිසුමක් යනු පාර්ශවකරුවන් අතර ​නෛයිතික බැදීම ඇතිකරන පොරොන්දුවක් හො පොරොන්දු මාලාවක් වේ.

වලන්ගු ගිවිසුමක් තුල පැවතිය යුතු මුලිකාන්ග

3. නෛයිතික සම්බන්දතා ඇතිකිරීමේ චේතනාව
4. සාදාරන හේතුව /අගනා ප්‍රතිෂ්ඨාව (Justa Causa / Valuable Considration)
5.පාර්ෂය කරුවන්ගේ ශක්නුතාවය (Capacity)


1.අර්පනය (Offer)

අර්පනය  යනු තමාගේ කොන්දේසි වලට එකග වන්නේනම් ගිවිසුමකට එකබීමට ඇති කැමැත්ත පල කිරීමයි.

උදාහරන ලෙස :- "මම මාගේ ගාල්ලේ පොද්දල පිහිටි නවීන නිවස රු.500000.00 විකුනමි . යනුවෙන් A අර්පනයක් කරයි මෙහි A විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි වනේ, "මාගේ" , "ගාල්ලේ පොද්දල " , "නවීන නිවස" , "රු.500000.00" යන යෙදුම් A විසින් ඉදිරිපත් කරඇති කොන්දේසි වේ එකී කොන්දේසි වලට එකගනම් A ගිවිසුමකට එලබීමට කැමති බව ප්‍රකාශකර ඇත

අර්පනයක් තුල පැවතිය යුතු අංග ලක්ෂන : -

1.     පැහැදිලි චේතනාව : මම මාගේ විකුනමි මේතුල පැහැදිලි බවක් දක්නට නොමැති බැවින් එ තුලින් ​නෛතික බාවයක් ඇති නොවේ.

2.     අර්පනය නියත (නිස්චිත) විය යුතුය :- මින් අදහස් කරන්නේ අර්පනය නොපැහැදිලි නොවිය යුතු බවයි

           උදාහරන :- අෂ්වයා වාසනාවන්ත වුවහොත් මම මුදල් ටිකක් ගෙවමි

3.     විහිලුවක් වශයේන් හො කතාබහක් කරනු ලබන විටක කරන ප්‍රකාශයක්

4.     අර්පනයක් සංග්‍රහ කිරීමට වන ආරාදනාවකින් වෙනස්විය යුතුය .

සංග්‍රහ කිරීමට වන ආරාදනාවක් : - සංග්‍රහ කිරීමට වන ආරාදනාවක් යන්නෙන් අදහස් වන්නේ පාර්ශව කරුවන් අතර ඇතිවන මුලික කතිකාවතයි

උදාහරන : - වෙන්දේසියේ විකිනිම්, වෙලද දැන්වීම්, බාන්ඩ මිල ප්‍රදර්ශනය කිරීම් , ටෙන්ඩර් අදිය සංග්‍රහ කිරීමට වන ආරාදනාවන් වේ. සංග්‍රහ කිරීමට වන ආරාදනාවක් ප්‍රතිග්‍රහනය කිරීමට හැකියාවක් නොමැති නිසා එ තුලින් ​නෛතික සම්බන්ද තාවයක් ඇති නොවේ.

අර්පනයක් කල හැක්කේ කාටද  ?

අර්පනයක් යම් නිස්චිත පුද්ගලයකුට හො නිස්චිත පුද්ගල කන්ඩායමකට පොදුවේ මහජනතාවට හො කල හැක නිස්චිත පුද්ගලයකු වෙත කරන අර්පනයක් නම් එය එම නිස්චිත පුද්ගලයා විසින්ම ප්‍රතිග්‍රහනය කල යුතුය බොල්වන් එදිරිව ජොන් , ජොන් විසින් එක්තරා පුද්ගලයකුට අයිති සමාගමකින් එක්තරා බාන්ඩ තොගයක් ඇනවුම් කලේය නමුත් එ වනවිට සමාගමේ කලමනාකාරීත්වය බොල්වන් විසින් මිලදීගෙන තිබිනි බොල්වන් විසින් අදාල බාන්ඩ සපයන ලද අතර එම බාන්ඩ ලබා ගැනීම ජොන් විසින් ප්‍රතික්ශේප කලේය මෙම නඩුවේදී අධිකරණය මගින් දෙන ලද තීරනය වුයේ නිස්චිත පුද්ගලයකුට කරන ලද

යම් නිස්චිත පුද්ගල කන්ඩායමකට හො පුද්ගල පන්තියක් වෙත කරන ලද අර්පනයක් එම පුද්ගල කන්ඩායමේ ඔනෑම සාමාජිකයකුට ප්‍රතිග්‍රහනය කල හැක  යන්නයි  ශිප්ටන් එදිරි කාර්ඩිෆ් කොපරෙෂන්  (Shipton vs Cardiff Corporation) යුද්දය ආරම්බයේදී තම සමාගමේ සේවකයෙක් යුද්දයට බැදුනහොත් සමාගමේ වැටුපත් හමුදා සේවායේ වැටුපත් අතර වෙනස සමාගම විසින් ගෙවන බවට සමාගම අර්පනයක් කලේය එ අනුව සමාගමේ සේවකයකු වු ෂිප්ටන් හමුදාසේවයට බැදුනු අතර පොරොන්දු වු පරිදි මුදල් නොගෙවීම සම්බන්දයේන් අධිකරනය ප්‍රකාශ කරේ මෙය පුද්ගල කන්ඩායමකට කරන ලද අර්පනයක් බැවින් එම කන්ඩායමේ ඔනෑම අයකුට ප්‍රතිග්‍රහනය කල හැකි බවයි

පොදුවේ මහජනතාව වෙත කරන ලද අර්පනයක් එම මහජනතාව අතුරින් ඔනෑම කෙනෙකුට ප්‍රතිග්‍රහනය කල හැක කාර්ලීල්  එදිරිව කාබොලික් ස්මොක් බොල්ස්  Carlill vs Carbolic Smoke Ball Company තමුන්ගේ ස්මොක් බොල්ස් භාවිතා කිරීමෙන් රොගී තත්වයට යමකු පත් වුව හොත් සමාගමෙන් වන්දියක් ලබාදෙන බවට සමාගම අර්පනයක් කලේය කාර්ලීල් මහත්මිය මෙම ස්මොක් බොල්ස් බාවිතා කිරීම නිසා රොගී බවට පත් විය අධිකරණය මගින් මෙය පොදු වේ මහජනයාට කරන ලද අර්පනයක් බැවින් එය ඔනැම කෙනෙකුට ප්‍රතිග්‍රහනය කල හැකි බවයි

හරස් අර්පනය (Cross Offer)                                  

අර්පනයක් ප්‍රතිග්‍රහනය කිරීම සදහා ව්වුර්තව පවතින අවස්තාවකදි යම්කිසි එකතු කිරිමක් හො නව කොන්දේසියක් පැනවීම තුලින් මුල් අර්පනය වීමට සැලැස්වීමෙන් හරස් අර්පනයක් ඇතිවේ. හයිඩ් එදිරිව රෙන්ච්  (Hyde Vs Wrunch)  [ (1840) B.E B.E.A . 334 ] මෙම නඩුවේදි රෙන්ච් විසින් එක්තරා ගොවිපලක් 1000 $ විකිනීමට අර්පනය කලේය හයිඩි වෙසින් එම ගොවිපල 900 $ මිලදී ගැනීමට කැමැත්ත පලකලේය එය රෙන්ච්  විසින් ප්‍රතික්ශේප කල අතර එවිට හයිඩි විසින් ගොවිපල 1000 $ කටම මිලදී ගැනීමට කැමැත්ත පල කලේය මේ සම්බන්ද නඩුවේදී අධිකරණය ප්‍රකාශ කරේ හයිඩි විසින් 900 $ හරස් අර්පනයක් කිරීම තුලින් රෙන්ඩිගේ මුල් අර්පනය අවසන්වී ඇති බවයි හයිඩි විසින් දෙවන වර කරන ලද අර්පනය රෙන්ඩි විසින් ප්‍රතිග්‍රහනය කර නොමැති නිසා පාර්ශව කරුවන් අතර වලන්ගු ගිවිසුමක් නොමැති බවයි

අර්පනයක් තොරතුරු දැක්වීමකින් වෙනස් වේ

මෙ සම්බන්ද වැදගත් නඩු තීන්දුවක් ලෙස හාවි එදිරිව ෆේසි  (Harvey v Facey) [(1892) A.C 592 ] මෙම නඩුවේදී හාවි විසින් විදුලි පුවතක් ෆේසි වෙත යවමින් පහත ප්‍රශ්න දෙක අසන ලදි

             I.      ඔබ අපට බම්පර් හොල් පෙන්විකුනන්නේද ? (බම්පර් හොල් යනු ගොවිපලකි )

          II.      අවම මිල විදුලි පුවතකින් එවන්න ,

එයට පිලිතුරු ලේස ෆේසි විසින් පහත සදහන් විදුලි පුවත යවන ලදි

         “බම්පර් හොල් පෙන්ඩින් අවම මිල 900 $ “

එයට පිලිතුරු ලෙස ඵත සදහන් විදුලි පුවත හාවි විසින් යවන ලදි

        “ඔබ විසින් ඉල්ලු 900 බම්පර් හොල් පෙන් මිලදී ගැනීමට එකග වෙමි

හාවිගේ අවසාන විදුලි පුවතට ෆේසි  පිලිතුරු නොයවන ලදි මේ සම්බන්ද නඩුවේදී අධිකරණය තීරනය කලේ පාර්ශව කරුවන් අතර වලන්ගු ගිවිසුමක් නොමැති බවයි එයට හේතුව වන්නේ තම විදුලි පනිවිඩයෙන් ප්‍රශ්න දෙකක් අසා ඇති අතර ෆේශි විසින් එහි පලමු ප්‍රස්නය වු විකුනන්නේද නැද්ද යන ප්‍රෂ්නයට පිලිතුරු ලබාදී නොමැත ඔහුවිසින් දෙවන ප්‍රස්නයට ලබාදී ඇති පිලිතුර හුදෙක් තොරතුරු දැක්වීමක් පමනක් වන අතර හාවි විසින් යවන ලද දෙවන විදුලි පනිවිඩය 900 $ ගැනීම අර්පනය වන බවත් එකී අර්පනයට ෆේෂි පිලිතුරු දී නොමැති නිසා අර්පනය ප්‍රතිග්‍රහනය වී නොමැති බවත් එම නිසා පාර්ශව කරුවන් අතර වලංගු ගිවිසුමක් නොමැති බවයි

2.ප්‍රතිග්‍රහනය (Acceptation)

අර්පන ලාබියාගේ (අර්පනය කරනු ලබන්නා ගේ ) කොන්දේසි වලට කොන්දේසි විරහිතව කැමති වීම ප්‍රතිග්‍රහනයයි ප්‍රතිග්‍රහනයක් කිලිතව , හො වාචිකව හො අනුමිතියෙන් නැතහොත් හැසිරීමෙන් කල හැක එහෙත් අර්පනය ප්‍රතිග්‍රහනය කලයුතු විශේෂිත ක්‍රමයක් දක්වාතිබේනම් එම විශේෂිත ක්‍රමයට හො ඊට වඩාවැඩි වේගී ක්‍රමයකට ප්‍රතිග්‍රහනය කලයුතුය එසේ වුවද දක්ව තිබෙන ක්‍රමයට වඩා අඩු වේගවත් ක්‍රමයක් නීතිය පිලි ගොගනී

අර්පනයක ප්‍රතිග්‍රහනය කිරීමේ විශේෂිත ක්‍රමයක් සදහන් කරන්නේ අර්පන ලාබියා එකග වන අවස්තාවේ හැර අර්පන ලාබියාගේ නිහඩ තාවය ප්‍රතිග්‍රහනයක් සංස්තාපනය වන බවට කොන්දේසි පනවනු ලැබිය නොහැක ෆෙල්හවුස් එදිරිව බින්ඩ්ලි (Fvlthouse vs Bindliley) 1862 මෙහිදී ෆෙල්හවුස් විසින් තම නැදෑ වරයකුගේ අෂ්වයකු මිලදී ගැනීම සදහා අර්පනයක් ලියා යවන ලදි එම ලිපියේ සදහන් කරන ලද්දේ මට අෂ්වයා ගැන තවත් යමක් දැනගන්නට නොලැබුනේනම් අෂ්වයා මගේ යැයි සලකමි මෙයට ඔහුගේ නැදෑයා විසින් පිලිතුරු නොයවන ලදි නමුත් නැදෑයා විසින් අෂ්වයා වෙනත් කෙනෙකුට විකුනන අතර එ සම්පන්ද නඩුවේදි අධිකරණය තීරනය කරේ නිහඩ තාවය ප්‍රතිග්‍රහනය කරනේය යන කොන්දේසිය අර්පන ලාබියාගේ එකග තාවය නොමැතිව පනවනු ලැබිය නොහැකි බවයි.      

පාර්ශව කරුවන්ගේ සහබාගීත්වයෙන් සහ සහබාගීත්වයෙන් තොරව ඇතිවන ගිවිසුම්

ගිවිසුමක් පාර්ශවයන් භෟතිකව මුන ගැසී හො මුන නොගැසී ඇතිකරගත හැකිය පාර්ශවයන් භෟතිකව මුනගැසුනු අවස්තා හිදී අර්පනය ප්‍රතිග්‍රහනය වු අවස්තාව පිලිබද නිස්චිත බාවයක් පවතී නමුත් පාර්ශවයන් භෟතිකව මුන නොගැසී ලිපි ,විදුලි පුවත් , පනිවිඩ කරුවන් හරහා ගිවිසුම් ඇතිකරගන්නා අවස්තා වලදී අර්පනය ප්‍රතිග්‍රහනය වුයේ කුමන අවස්තාවේද යන ගැටලුව මතුවේ එම ගැටලුව විසදීම සදහා සන්නිවේදන න්‍යායන් ගොඩනැගී ඇත

සන්නිවේදන න්‍යායන්

ප්‍රකාෂන න්‍යාය (Declaration Theory) : - මෙම න්‍යායට අනුව ප්‍රතිග්‍රහනය පිලිබද යම්කිසි ප්‍රත්‍යාකෂ භාවයක් ඇතිවු වහාම ප්‍රතිග්‍රහනය පරි පුර්න වේ.
උදාහරන :- අර්පනය ප්‍රතිග්‍රහනය කරන බවට දන්වමින් ලිපියක් ලිවීම ආරම්බකල වහාම ප්‍රතිග්‍රහනය පරි පුර්න වේ

සීග්‍ර තැපැල් න්‍යාය (Expection Theory) 1 : - මෙම න්‍යායට අනුව අර්පනලබියා විසින් ප්‍රතිග්‍රහනය කරන බවට වු ලිපිය තැපැලට දැමු වහාම ප්‍රතිග්‍රහනය පරිපුර්න වේ 

පිලිගැනීමේ න්‍යාය (Reception Theory) : - ප්‍රතිග්‍රහනය පිලිබද ලිපිය ගමනාන්තයට ලගාවීමත් සමග ප්‍රතිග්‍රහනය පරිපුර්න වන බවට මෙම න්‍යායෙන් කියවේ

දැන්වීමේ න්‍යාය (Information Theory) : - ප්‍රතිග්‍රහනය පිලිබද අර්පන දායියාට ඇත්ත වශයෙන්ම දැනගන්නට ලැබුනු අවස්තාවේ ප්‍රතිග්‍රහනය පරිපුර්න වන බවට මෙම න්‍යායෙන් කියවේ

1.සන්නිවේදන න්‍යායන් සෑම එකක්ම නිවැරදි උවද නීතිය මගින් පිලිගනුයේ සීග්‍ර තැපැල් න්‍යායයි එ මක්නිසාදයත් එය විශ්වසනීයම න්‍යාය වන බැවිනි.
                                                                                                           
3.නෛතික සම්බන්දතා ඇතිකර ගැනීමේ චේතනාව            

​නෛතික සම්බන්දතා ඇතිකර ගැනීමේ චේතනාව යන්නේ සරල අර්තකතනය වන්නේ
ගිවිසුම උල්ලන්ගනය උවහොත් උසාවියාමේ චේතනාවක් නැතහොත් අදිකරන ක්‍රියාමාර්ග ගැනීමේ චේතනාවක් පාර්ෂව කරුවන් තුල ඇති කිරීම්මයි
​නෛතික සම්බන්දතාවක් පවතින්නේද නැද්ද යන බව තීරනය කරනුයේ සාදාරන බුද්දිමත් පුද්ගලයකුගේ දෘශ්ටියෙනි
ගෘහස්ත ගිවිසුම් තුල ​නෛතික සම්බන්දතා ඇතිකිරීමේ චේතනාවක් නොමැති බවට පුර්ව නිගමනයක් පවතී බැල්ෆර් එදිරිව බැල්ෆර්  ( Balfour v Balfour [1919] 2 KB 571 )මෙම නඩුවේදී බ්‍රිතාන්‍යයෙන් බැහරව ලංකාවේ සෙවයට පැමිනි ස්වාමිපුරුශයේක් තම බිරිදට (බ්‍රිතාන්‍යයෙ රැදීසිටින මාස්පතා දීමනාවක් ගෙවන බවට පොරොන්දු උනි ස්වාමිපුරුශ එම පොරොන්දුව ඉටු නොකල අතර ගිවිසුම කඩ කිරීම සම්බන්දයේන් බාර්යාව ඔබුට එරෙහිව නඩු පවරුවාය මෙම නඩුවේදී අධිකරනය තීරනය කරේ භාර්යාව හා ස්වාමිපුරුශයා අතර ගෘහස්තව ඇතිවන එකගතාවයන් තුල ​​නෛතික බාවයක් නොමැති බැවින් ගිවිසුමක් උල්ලන්ගනය වී නොමැති බවටයි

එසේ වුවද සමාජීය එකගතාවයන් තුල ​නෛතික සම්බන්දතාවයක් ඇතිකිරීමේ චේතනාවක් ඇතිබවට පාකර් එදිරිව ක්ලාක් (Pakar vs Clark) නඩුවේදී ප්‍රකාශවී ඇත , මෙම නඩුවේදි එක්තරා වයසක යුවලක් තමුන්සමග වාසය කිරීමට පැමිනෙන්නේනම් තම දේපල වලින් කොටසක් ලබාදේන බවට පොරොන්දු විය එ අනුව තරුන යුවලක් පැමිනි අතර ටිකකලකට පසුව එසේ දේපල කොටස ලබාදීම වයස්ගත යුවල ප්‍රතික්ශේප කරන ලදි. එ සම්බන්ද නඩුවේදී වයස්ගත යුවලගේ තර්කය වුයේ මෙම එකග තාවය තුල ගෘහස්ත  එකගතාවයට වඩා වැඩි යමක් නොමැති බවයි නමුත් අධිකරනය තීරනය කරේ මෙහි ගෘහස්ත  එකගතාවයට වඩා සමාජීය එකග තාවයක් ඇතිබවයි එ අනුව එ අනුව මෙහිදි ගිවිසුම උල්ලන්ගනය වී ඇති බවයි.

4.සාදාරන හේතුව /අගනා ප්‍රතිෂ්ඨාව

අපරටේ ගිවිසුම් වලට බලපාන නීති ක්‍රම දෙකකි එවානම් ඉංග්‍රීසි නීතිය සහ රොම ලන්දේසි නීතියයි අපරටේ නිස්චල දේපල (ඉඩම් හා ඉඩම් සමග බද්දවු දේපල) සම්බන්ද නීතිමය තත්වය පාලනය වනේ රොම ලන්දේසි නීතියෙන් වන අතර චන්චල දේපල (ඉඩකඩම් ,ගොඩනැගිලි) සම්බන්ද නීතිමය තත්වය පාලනය වනේ ඉංග්‍රීසි නීතිය මගිනි

ඉංග්‍රීසි නීතියට අනුව ගිවිසුමක් ඇතිකර ගන්නේ අගනාප්‍රතිශ්ඨාවක් මතය මෙම අගනාප්‍රතිශ්ඨාව මුදල් හො මුදලින් මැනිය හැකි දෙයක් විය යුතුය .මෙ අනුව මුදලින් මැනිය නොහැකි දැ (ආදරය , කරුනාව) ප්‍රතිශ්ඨාවක් ලෙස ඉංග්‍රීසි නීතිය පිලි නොගනී ,සාදාරන හේතුව තුල මිනිසුන් මුදලින් හො මුදලින් මැනිය හැකි දෙයක් හො මුදලින් මැනිය නොහැකි දෙයක් හො ආදරය , කරුනාව ආදී හේතු මතද ගිවිසුම් වලට එලබේ එ අර්තයෙන් ගත් කල රොම ලන්දේසි නීතියේ එන සාදාරන හේතුව යන සංකල්පය ඉංග්‍රීසි නීතියේ එන අගනාප්‍රතිශ්ඨාවට වඩා පුලුල් වු සන්කල්පයකි

අගනා ප්‍රතිෂ්ඨාව

ගිවිසුමකදී දෙපාර්ශවයක් අතර ඇතිවන අන්යොන්‍ය තාවය හෙවත් දීමේ හා ගැනීමේ අවෂ්‍යතාවය ප්‍රතිෂ්ඨාව යැයි කියනු ලැබේ අගනා ප්‍රතිෂ්ඨාව  යන සන්කල්පය ප්‍රදාන කොටස් තුනකට (3) බෙදේ





                                              
අගනා ප්‍රතිෂ්ඨාව
ඉටුකල ප්‍රතිෂ්ඨාව
අතීත ප්‍රතිෂ්ඨාව
මෙහිදී දෙපාර්ශවයම පොරොන්දු හුවමාරු කර ගනී ගනුදෙනුව අනාගතයට ඉතිරිකර ඇත


උදාහරන

මතුවට ගෙවීම මත බාන්ඩ සැපයීම , විවාහය
මෙහිදී එක් පාර්ශවයක් ගිවිසුමට ඇතුලත් වු වහාම තම කොටස ඉටුකර තිබේ ඉටුකල යුතුව ඇත්තේ අනෙක් පාර්ශවයේ කොටස පමනි
උදාහරන

යමක් නැතිවුවිට එය සොයාදෙන කෙනෙකුට තෑග්ගක් ලබාදෙන බවට ප්‍රකාශකරයි එ අනුව තවත් කනෙක් එම බාන්ඩය සොයාදෙයි
මෙය ප්‍රතිශ්ඨාවක් නොවේ එයට හේතුව මෙහිදී පොරොන්දු දී ඇත්තේ අදාල ක්‍රියාවෙන් පසුවය


උදාහරන

දියේ ගිලෙමින් සිටින අයකු බේරාගත්විට තෑග්ගක් දෙනබව කීම
සාදාරන හේතුව

මෙහි අර්තය වානේ පොරොන්දුවක පදනමට හේතුව වු විශය වන අතර එමගින් එබදු පොරොන්දුවක් නීතිය තුල බැදීමක් ඇතිකරයි මෙය කොටස් වලට නොබෙදේ


අගනා ප්‍රතිෂ්ඨාව
සාදාරන හේතුව
01
මෙය ඉංග්‍රීසි නීතියේ සංකල්පයකි
මෙය රොම ලන්දේසි නීතියේ සංකල්පයකි
02
මුදල් හො මුදලින් මැනිය හැකි දෑ පමනක් ඇතුලත් වේ සදාචාරාත්මක වගකීම් ඇතුලත් නොවේ
මුදල් හො මුදලින් මැනිය හැකි දෑ වලට අමතරව මුදලින් ගනණය කල නොහැකි සදාචාරාත්මක වගකීම් ඇතුලත් වේ
03
ප්‍රතිෂ්ටාව ප්‍රධාන කොටස් තුනකට බෙදේ එනම් අතීත , ඉටුකල හා අනාගත
එසේ කොටස්වලට නොබෙදේ


5.පාර්ෂව කරුවන්ගේ ශක්නුතාවය
            නීතිය ඉදිරියේ පුද්ගලයන් ස්වාබාවික පුද්ගලයන් සහ කෘතීම පුද්ගලයන් ලෙස කොටස් දෙකකි කෘතීම පුද්ගලයන් යනු රජය , අමාත්යාන්ස පාර්ලිමේන්තු පනත් මගින් සංස්තාපිත ආයතන,සමාගම් පනත යටතේ ලියාපදින්චි ආයතන වේ . මෙවාට බවුතික පැවැත්මක් නොමැතිනමුත් සියලූ ස්වාබාවික පුද්ගලයන්ට ඇති වරප්‍රසාද හා අයිතිවාසිකම් හිමිවේ නමුත් එක පුද්ගල වියාපාර හවුල් වියාපාර ආදිය කෘතීම පුද්ගලයන් ලෙස සලකනු නොලැබේ

සියලුම ස්වාබාවික පුද්ගලයන්ට ගිවිසුමකට එලබීමට නම් එ සදහා ශක්නුතාවක් පැවතිය යුතුය නමුත් පහත සදහන් පුද්ගලයන්ට ගිවිසුමකට එලබීමට නොහැකි බව නීතිය පිලිගනී

1.     බාලවයස් කරුවන් (Minors)
2.     උමතු පුද්ගලයන්
3.     සුන්වත් තැනැත්තන්
4.     නාස්තිකාරයන්
5.     තේසවලාමේ නීතිය යටතේ විවාහවු කාන්තාවන්


බාලවයස් කරුවන් (Minors)

බාලවයස් කරුවකු යනු වයස අවුරුදු 18 අඩු තැනැත්තෙකි බාලවයස් කරුවන්ට වල්ලන්ගු ගිවිසුමකට එලබිය නොහැක එබ්යුස්ටන් එදිරිව එබ්යුස්ටන් (Ebelseetn vs Ebelseetn) නඩුවේදී ප්‍රකාශවුයේ බාලවයස් කරුවකු ගිවිසුමකින් බැදී නොසිටියද ගිවිසුමේ අනෙක්පාර්ශවය වගකීමෙන් බැදී සිටින බවයි , බාලවයස් කරුවකුට තමාගේ බාරකරුවකුගේ හො අධිකරනය මගින් ලබාදෙන බාරකරුවකු යටතේ ගිවිසුමකට එලබිය හැක නමුත් නිස්චල දේපල බැහැර කිරීමේදී තම සහායකයාගේ සහාය පමනක් ප්‍රමානවත් නොවේ එ සදහා අදාල ප්‍රදේශයේ දිසාඅධිකරනයේ පුර්ව අවසරය ලබාගත යුතුය

සාමාන්‍යයෙන් බාලවයස් කරුවකු අධ්‍යාපනය හො වෘතීය පුහුනු හො වෘතීය ප්‍රතිලාබයක් ලැබෙන ගිවිසුමකට එලබේනම් එම වගකීමට ඔහු බැදීසිටී නීතිපතිට එදිරිව කොස්තා (The Attorney General V. Costa) [(1922) N.L.R 24 V 281] නඩුතීන්දුව අනුව බාලවයස්කාරියක් ගුරුපුහුනුවක් සදඩා ගුරු විද්‍යාල්ලයට ඇතුලත්වු අතර ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව වසර 5ක් ගුරු වෘතියේ යෙදිය යුතු විය නොයෙසේනම් රජයට රු.300 මුදලක් ගෙවිය යුතුවිය. ඇය පුහුනුව අතරමග අතහැර දමන ලද අතර ගිවිසුම ප්‍රකාරව ඇයට නඩු පවරන ලදි එයට අධිකරණය දුන් තීන්දුව වුයේ ඇගේ අද්‍යාපන කටයුත්තක් නිසා බාලවයස්කාරිය ගිවිසුමෙන් බැදෙන බවයි
ආහාර,අදුම්පැල්ලදුම්,නේවාසික පහසුකම්,​​​චෛද්‍ය ප්‍රතිකාර. බාලවයස් කරුවන් හට සපයයි නම් එ සදහා සාදාරන මුදලක් ගෙවීමට බාලවයස්කරුවන් බැදී සිටී

උමතු පුද්ගලයන්

උමතු පුද්ගලයා යනු තමා එලබෙන ගිවිසුමේ කොන්දේසි වටහා ගැනීමට අපොහොසත් තැනැත්තෙකි මෙවැනි තැනැත්තෙකු එලබෙන ගිවිසුම් හිස් හා ශුන්‍ය ගිවිසුම් ලෙස හැදින් වේ .

සුන්වත් තැනැත්තන්

සුන්වත් තැනැත්තකු යනු ගෙවීමට නියමිත දිනයේදී තම නය ගෙවීමට අපොහොසත් තැනැත්තාය මෙ සම්බන්ද නීතිමය තත්වය පාලනය වන්නේ 1723 වස්තු භංගත්ව ආඥාපනතෙනි

නාස්තිකාරයන්

නාස්තිකාරයා යනු තමාගේ දේපල බලාකියා ගැනීම සම්බන්දයෙන් විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයෙකි රොම ලන්දේසි නීතිය යටතේ නාස්තිකාරකු ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්දයෙන් විදිවිදාන සලස්වා ඇත එවැනි අවස්තාවක දේපලෙහි අයිතිය බාරකරුවකු අතට පත්කෙරෙ නාස්තිකාරකු ලෙස නම්කල අයකු බාලවයස් කරුවකු ලෙස ගැනේ

තේසවලාමේ නීතිය යටතේ විවාහවු කාන්තාවන්

තේසවලාමේ නීතිය යටතේ දේපල ස්වාය කිරීමක් සිදුවේ දේපල ස්වාය කිරීම යනු කාලාත්‍රයාගේ දේපල පිලිබද සාමූහික අයිතියත් එහි පාලනය ස්වාමිපුරුශයා සතුවේ එ අනුව ස්වාමිපුරුශයාගෙ අවසරය නොමැතිව ගිවිසුමකට එලබීමට නොහැක නමුත් මෙම නීති තත්වය විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය ආඥාපනත යටතේ ඉවත්කර ඇත එ අනුව ස්වාමිපුරුශයාගේ අනුදැනුමකින් තොරව කටයුතු කල හැක

එය එසේ වුවද තේසවලාමේ නීතිය  මගින් පාලනය වන විවාහක ස්ත්‍රියකට තම ස්වාමිපුරුශයාගේ අනුදැනුමකින් තොරව වලන්ගු ගිවිසුමකට එලබීමේ හැකියාව නොමැත


ගිවිසුමක නියාමයන්

ගිවිසුමක අන්තර්ගතවන වගන්ති එවායේ ඇති වැදගත්කම අනුව වර්ගකල හැක එ අනුව ගිවිසුමක වගන්ති

1.     නියාමයන්
2.     නිදේශනයන් ,ලෙස වර්ගකර දැක්විය හැක
ගිවිසුමක  පාර්ෂවකරුවන් බැදතබනු ලබන වැදගත්ම හෙවත් සංගඨනීය කොටස් නියාමයන් ලෙසත් හදුන්වනු ලැබේ

පාර්ශව කරුවන් ගිවිසුමට බැදීම සදහා උනන්දු කිරීම පිනිස කරනු ලබන අඩු වැදගත් කමකින් යුත් ප්‍රකාශ / වගන්ති නිදේශනයන් ලෙස හැදින් වේ

ගිවිසුමක සංගඨනීය කොටස් නියාමයන්ද නැවත කොටස් දෙකකට (2) බෙදනු ලැබේ.

1.     කොන්දේසි - Condition
2.     ප්‍රතිඤාභාර - Warranties


කොන්දේසියක් යනු ගිවිසුමේ ප්‍රධාන නියාමය වේ එය නිතරම ප්‍රකාශකරනේ ගිවිසුමේ පත්ලටම යාම ලෙසය. ප්‍රතිඤාභාර යනු ගිවිසුමේ ප්‍රධාන නියාමයන්ට යටත්වන සුලු නියාමයකි




බැහැර කිරීමේ වගන්ති වගකීම් ඉවත් කිරීමේ වගන්ති

බැහැර කිරීමේ වගන්ති යනු ගිවිසුම ඇති කර ගන්නා අවස්තාවේ දීම පාර්ශවයන් තමන්ට ඇති වගකීම වලින් ඉවත් වීමයි වගකීම සහතික උදාහරන ලෙස ඩැක්විය හැක බැහැර කිරීමේ වගන්තියක් පවතින විට එය බැහැර කිරීමේ වගන්තියක් වීමටනම් සම්පුර්න කලයුතු අවෂ්‍යතා කීපයකි  එනම්

             I.      එම බැහැරකිරීම ගිවිසුම ඇතිකරගන්නා අවස්තාවේ හො ඊට පෙර දැනුම්දී තිබිය යුතුය

          II.      එම බැහැරකිරීම පිලිබද අනෙක් පාර්ශයව වෙත  විදිමත්ව දැනුම් දී තිබිය යුතුය

 බිල්පත් කිවිතාන්සි වල ඇතුලත් වන බැහැර කිරීමේ වගන්ති වලන්ගු බැහැරකිරීමේ වගන්ති ලෙස නීතිය පිලි නොගනී එයට හේතුව වන්නේ එය අනෙක් පාර්ශවයට දැනුම් දෙනුයේ ගිවිසුම ඇතිකරගැනීමෙන් පසුව වීමයි

ගිවිසුමක වලංගු බාවය නැතිකරන සාදක

1.     වැරදීම්
2.     අවනිදේශනය /දෘෂ්නිදේශනය /කරුනු වරදවා දැක්වීම
3.     නීති විරොදී බලකිරීම් සහ අයුතු බලපෑම්
4.     අනීතික තාවය / නීතිවිරොදී බව

1.වැරදීම්

මෙහිදී ගිවිසුමක එක් පාර්ශවයක් හො දෙපාර්ශවයම කරුනු වරදවා තේරුම්ගෙන ඇති අවස්තාවක
වැරදි යනු යම් සිද්දියකදී හො සිද්දීන්ගේ පැවැත්ම හො නොපැවැත්ම පිලිබද වැරදි විශ්වාසයයි එම වැරදීම්

v ගිවිසුමට හව්ල්වු පුද්ගලයා පිලිබදව
v ගිවිසුමේ විශය වස්තුව පිලිබදව
v ගිවිසුමේ විශය වස්තුවේ ප්‍රමානය පිලිබදව
v ගිවිසුමේ විශය වස්තුවේ ස්වභාවය පිලිබදව,විය හැක

වැරදි ආකාර තුනකි 






එක පාර්ශවීය වැරදීම්

මෙහිදී එකපාර්ශවයකට වැරදී ඇත නමුත් ඔහුට වැරදුන බව අනෙක්පාර්ශවය නොදනී

අන්‍යොන්‍ය  වැරදීම්

මෙහිදී එක් පාර්ශවයකට වැරදී ඇත ඔහුට වැරදුන බව අනෙක්පාර්ශවය දනී

පොදු  වැරදීම්

මෙහිදී එක් පාර්ශවයකට වැරදීනැත නමුත් ගිවිසුමේ විශය වස්තුව වෙනස්වී ඇත

2.අවනිදේශනය / කරුනු වරදවා දැක්වීම

අවනිදේශනය යනු කරුනු වරදවා දැක්වීමයි එ අනුව ගිවිසුමකට පාර්ශවකරුවන් ඇතුලත් කරගැනීම සදහා අසත්‍යකරුනු ප්‍රකාශ කිරීමකි

නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන් පිලිබද අතිශොක්තියෙන් කරනු ලබන වෙලද දැන්වීම තුලින් අවනිදේශනයක් සිදුනොකරන බවට නීතිය පිලිගෙන ඇත

යම් තැනැත්තකුගේ ප්‍රකාෂයන් මත විශ්වාසය නොතබා එ වෙනුවට තමාගේම තැනැත්තකුගේ විෂ්වාසය තබා කටයුතු කලවිට අවනිදේශනයක් සිදු නොවේ

උදාහරන

B තමාගේම තැනැත්තකු වු C ලවා පරීක්ෂාකර මොටර් රතයක් මිලට ගනී නමුත් පසුව A විසින් සපයන ලද තොරතුරු වැරදි එවා බව ඔප්පු වේ නමුත් මෙහිදී අවනිදේශනයක් සිදු නොවේ මෙයට හේතුව වන්නේ B විෂ්වාසය තබා ඇත්තේ A ගේ තොරතුරු මත නොව තමාගේ නියොජිතයා වන C මත විශ්වාසය තබාඇති බැවිනි

අවනිදේශනය ආකාර දෙකකි

1.     අහිංසක / නිර්දොශී  අවනිදේශනය
2.   වන්චනික අවනිදේශනය

අහිංසක / නිර්දොශී  අවනිදේශනය : - අසත්‍ය කරුනක් සත්‍ය බවට සද්භාවයෙන් විශ්වාස කරමින් ප්‍රකාෂ කිරීම

වන්චනික අවනිදේශනය : - අසත්‍ය කරුනක් අසත්‍යබව දනිමින්ම ප්‍රකාශකිරීම

නීති විරොදී බලකිරීම් සහ අයුතු බලපෑම්

සියලුම ගිවිසුම් වල වලංගු තාවය එකී ගිවිසුම්වල පාර්ශවයන්ගේ එකගතාවය මත තීරණය වේ .එකී එකග තාවය පාර්ශවකරුවන්ගේ ස්වාදීනවුත් නිර්වියාජ උව්ත් කැමැත්තමත ගොඩනගා ගන්නාලද එකග තාවය විය යුතුය එසේ නොමැතිව තර්ජනය අයුතු බලපෑම් මත පාර්ශව කරුවන්ගේ කැමැත්ත ලබාගෙන තිබුනේනම් එකී ගිවිසුම් බල රහිත වේ .

නීති විරොදී බලකිරීම් පහත ක්‍රම මගින් සිදුකල හැක

1.     සාහසිකත්වය පෑම
2.     තර්ජනය කිරීම
3.     සිරකර තැබීම

මෙකී ක්‍රියා මගින් ගිවිසුමේ පාර්ශව කරු හො ඔහුගේ කාලාත්‍රයා දෙමාපියන් හො දරුවන් පීඩාවට පත්විය හැකිය

ඇල්පියන් නැමති නීති වේදියා නීතිවිරොදී බලකිරීම යන්න අර්ථ දක්වා ඇත්තේ  ක්ෂනිකව හො සිතාමතා කරන ලද අනතුරක් මගින් ඇතිකරන ලද මානසික අවහිර තාවයක්ලෙසය

නීතිවිරොදී ගිවිසුම් (අනීතික තාවය)

ගිවිසුමක් ඇතිකිරීම සදහා අවශ්‍යවන අනිකුත් සියලුම අවශ්‍යතා සම්පුර්නකර තිබුනද නිතිවිරොධී පදනම් වීම මත ගිවිසුමේ බලසහිත බාවය ඇතිකල නොහැක ටේශස් ස්වාමීවරයා ප්‍රකාශකර ඇත්තේ නීතිවිරොදී ක්‍රියාවක් ඉටුකිරීම හො ප්‍රවර්දනය කිරීම සදහා වන පොරොන්දුවක් හො ප්‍රතිශ්ඨාවක් අරමුනුවන කල්හි ගිවිසුම එනයින්ම නීතිවිරොධී වන අතර එය ක්‍රියාත්මක කල නොහැකිය එ අනුව නීතිවිරොධි ගිවිසුමක් ශුන්‍යවන අතර එය කෙසිදු ​නෛතික අවශ්‍යතාවයකට පදනම් විය නොහැකිය


නීතිවිරොදී ගිවිසුම්
1.   
2.  ව්යවස්ථාව මගින් නීතිවිරොධී බවට පත්කරන ලද ගිවිසුම්

3.     පොදුනීතියට පටහැනි ගිවිසුම්
2.1 බාහිර වස්තුන් පිළිබද ගිවිසුම්
2.1.1 නියත වශයෙන්ම බාහිර වානිජ වස්තුන්
2.1.2 සාපෙක්ෂ වශයෙන් බාහිර වානිජ වස්තුන්
2.2 වංචනික ගිවිසුම්

4.  මහජන ප්රතිපත්තියට පටහැනි ගිවිසුම්

3.1රාජ් අවශ්යතා සමග ගැටෙන ගිවිසුම්
3.1.1 ජාතික ආරක්ෂාව සම්බන්ද ගිවිසුම්
3.1.2 රාජ් සේවයට සම්බන්ද ගිවිසුම්
1.1.3 යුක්තිය පසිදලීම සම්බන්දයෙන් අදාල ගිවිසුම්
3.2 සදාචාරයට පටහැනි ගිවිසුම්
3.2.1විවාහය කඩකිරීම සදහා වන ගිවිසුම්
3.2.2විවාහ අවහිර කිරීම සම්බන්ද ගිවිසුම්
3.2.3මගුල්කපු ගිවිසුම්
3.3 පුද්ගල නිදහස සීමාකරන ගිවිසුම්
3.3.1සේවකයන් මත පනවන සීමා
3.3.2වියාපාරිකයන් මත පනවන සීමා


1.ව්යවස්ථාව මගින් නීතිවිරොධී බවට පත්කරන ලද ගිවිසුම්

ව්‍යවස්තාදායකය මගින් පනවනු ලබන ව්‍යවස්තා මගින් සමහර ගිවිසුම් නීතියෙන්ම තහනම් කර ඇත
උදාහරන
v රජයේ ඉඩම් සම්බන්දනීතිය
v බලපත්‍ර නොමැතිව සුරා විකිනීම

2.පොදුනීතියට පටහැනි ගිවිසුම්

මෙම ගිවිසුම් ප්‍රඥප්තියක් මගින් තහනම් කර නැත නමුත් ක්‍රියාකාරීත්වය තුල තහනම් කර ඇති ලෙස සලකයි

2.1.බාහිර වස්තුන් පිළිබද ගිවිසුම්

රොම ලන්දේසි නීතියට අනුව බාහිර වානිජ වස්තුන් , නියත වශයෙන්ම බාහිර වානිජ වස්තුන් හා සාපේක්ෂ වශයෙන් බාහිර වානිජ වස්තුන් ලෙස කොටස් දෙකකට බෙදේ මුහුදු වෙරල ,ජලමාර්ග හා රජයේ ඉඩම් වානිජ වර්ගයේ පොදුදේපල වන අතර එවා නියට වශයෙන්ම බාහිර වානිජ වස්තුන් වේ .මේවා වෙනත් කෙනෙකුට විකිණිමට නොහැකිය

අභින් , විදේශ මුදල් , ගිනි අවි සාපේක්ෂ වශයෙන් බාහිර වානිජ වස්තුන් වේ. මේවා බලපත්‍රයක් නොමැතිව හො පූර්ව අවසරයක් නොමැතිව ගනුදෙනු කල නොහැක

2.2.වන්චනික ගිවිසුම්

ණයහිමියන්ට වන්චාකිරීමේ අරමුනින් ඇතිකර ගන්නා ගිවිසුම් වේ .

උදාහරන
1.පොලියන් නඩුකර

3.මහජන ප්රතිපත්තියට පටහැනි ගිවිසුම්

3.1       රාජ් අවශ්යතා සමග ගැටෙන ගිවිසුම්

විදේශීය සතුරන් සමග ඇතිකරගන්නා ගිවිසුම්
රජයේ යම් ප්රතිලාභයක් ලබා ගැනීම සදහා ඇතිකරගන්නා ගිවිසුම්
අධිකරනයේ බලය නැතිකිරීම සදහා ඇතිකරගන්නා ගිවිසුම්

ගිවිසුමක් අවසන්කිරීම

ගිවිසුමක් එහා බැදි සියලු අයිතිවාසිකම් හා බැදීම් ක්‍රියාත්මක වී අවසන් වු විට එම ගිවිසුම අවසන් වීමක් සිදුවේ . ගිවිසුමක් අවසන්වියහැකි ආකාර කිහිපයකි

ගිවිසුමක් අවසන්වියහැකි ආකාර

1.     සම්මුතියක් මගින් අවසන් වීම

1.1මුදාහැරීම හො අත්හැර දැමීම -
ත්‍යාගයක්ලෙස හො වටිනාකමක් ලෙස නයහිමියා විසින් යම් බැදීමක් ඉවත් කිරීම

1.2 සමගි සම්මුතිය

1.3 ගිවිසුම් අලුත් කිරීම

          1.3.1 නිසි අලුත්කිරීම් (පවත්නා ණයක් වෙනුවට වෙනත් ණයක් ආදේශකිරීම)
1.3.2 පැවරීම (දැනට සිටින ණයකරු වෙනුවට අලුත් ණයකරුවකු අදේශකිරීම)
1.3.3 අත්හැරීම (දැනට සිටින ණයහිමියා වෙනුවට වෙනත් ණයහිමියකු
ආදේශකිරීම)
1.3.4 අභිනියොජනය (මුල් පාර්ශව කරුවන්ගේ එක්කෙනෙකුගේ අයිතිවාසිකම්
          තුන්වන පාර්ශවයකට පැවරීම)

2.     නීතිය ක්‍රියාත්මක වීමෙන් අවසන් වීම

3.     සිවිසුම කඩකිරීම මගින් අවසන් වීම



නීතිය ක්‍රියාත්මක වීම

1.     මිශ්‍රවීම එකම මොහොතේ එකම පුද්ගලයා තුල ණය හිමියා සහ ණයගැතියා යන දෙකම පැවතීම

2.     කාල අපගමනය
a.      අයිතිය ඇතිවීමේ කාල අපගමනය
b.     අයිතිය නැතිවීමේ කාල අපගමනය

3.     වස්තු භංගත්වය

4.     මරණය

5.     නඩු තීන්දුව

6.     ගණන් පියවා වසා දැමීම


ගිවිසුමක් කඩවීමකදී ගතහැකි ප්‍රතිකර්ම

1.     අලාභ ඉල්ලීම - ගිවිසුම උල්ලංඝනය තුලින් අහිංසක පාර්ශවයට සිදුවු මූල්‍යමය පාඩුව පියවා ගැනීම සදහා අළාභ ඉල්ලා ගත හැක

2.     නිශ්චිත ඉටුකිරීම සහ ඉන්පන්ක්ෂන් තහනම - පොරොන්දුවු කාර්යය සත්‍යවශයෙන්ම කරන ලෙස අධිකරනය නියොග කරයි

3.     අවලංගු කිරීම - එක්පාර්ශවයක් විසින් ගිවිසුම උල්ලංගනය කරවිට එය අවලන්ගු කිරීමේ බලය අනෙක් පාර්ශවයට ලැබේ

4.     Restitutio In Intergrum- යතාතත්වයට පත්කිරීම