Addsence

Tuesday, September 20, 2011

ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම (Construction Site Safety)


ඉදිකිරීම් කර්මාන්තයේදි වැඩබිම් ආරක්ශාවේ ඇති වැදගත්කම

කාර්මික විප්ලවයත් සමග ලොකයේ පවතින ප්රදාන කර්මාන්ත අතරින් ඉදිකිරීම් කර්මාන්තය ප්‍රදාන තැනක් බවට පත් විය
ඉදිකිරීම් කර්මාන්තය හා බද්දව පවතින තවත් මාතෘකාවක් ලෙස වැඩබිම් ආරක්ශාව (Site safety ) දැක්විය හැකිය වැඩබිම් ආරක්ශාව යනු වැඩබිමෙහි සේවය කරන සේවක මහතුන්ගේ හා යන්ත්රයන්ගේ ආරක්ශාව සලසා ගනිමින් හැකිතාක් දුරට සිදුවන අනතුරු වලක්වා ගනිමින් කටයුතු කලයුතු . එමගින් සේවකයාට මෙන්ම සේව්යයාටද වැඩ් ප්රතිලාබ අත්වේ

වැඩබිම් ආරක්ශාව (Site Safety) යන්න සලකා බැලීමේදී පලමුවෙන්ම සේවකයන්ට සිදුවන අනතුරු හා එය වැලක්වා ගැනීම සදහා ගත යුතු ක්රියාමාර්ග සලකා බලමු බොහොවිට සේවකයන්ගේ නොසැලකිල්ල මත හො අතපසුවිම් මත බොහො අනතුරු සිදුවේ එමනිසා එය වලක්වා ගැනීම සේවකයන්ගේ වගකීම වන අතර  සේවකයන් විසින් පහතසදහන් කරුනු පිලිපැදිය යුතු වේ

පිලිපැදියයුතු කරුනු

  1. ආරක්ශිත හිස් ආවරන පැලදීම
  2. ආරක්ශිත පාවහන් පැලදීම
  3. ආරක්ශිත අත් ආවරන පැලදීම
  4. සේවා ස්තානයේ අනාරක්ශිත තත්වයන් පිලිබඩ අවදානයෙන් පසුවිම / වාර්තා කිරීම
  5. අවසර දිඇති යන්ත්රොපකරන පමනක් ක්රියාත්මක කිරීම
  6. සේවාකාලය තුලදි අනවශය විහිලු තහලු කිරීමෙන් වැලකීම
  7. සේවාකාලය තුලදි  මත්පැන් පානය කිරීමෙන් වැලකිම
  8. සේවා යොජකයා විසින් දෙනුලබන අනෙකුත් උපදෙස් පිලිපැදිම

මේ අයුරින් මේවා සැලකිල්ලට ගනිමින් කටයුතු කිරිම මගින් සේව්යයා හා සේවකයා යන දේපාර්ශවයටම වාසි දායක තත්වයක් උදාවන අතර
එමනිසා අදාල ඉදිකිරීම නියමිත කාලයට නියමිත අයුරින් ක්රමානුකුලව සිදුකර ගැනිම සදහා වැඩබිම් ආරක්ශාව ඉතාමත් වැදගත් වන බව දැක්විය හැකිය.

Sunday, May 1, 2011

නීතිය යනු කුමක්ද ?

නීතිය යනු කුමක්ද ?

නීතිය යනු ප්රජාවක් පාලනය කරනු ලබන නිති සමුදායක් ලෙස පෙන්ව දිය හැක
සමජයක් තුල නිතිය හැරුනු කොට තවත් රිතීන් රාෂියක් පවති ආගමික හා සංස්කෘතික රිති යුතුකම් හා වගකිම් පිලිබද සංකල්ප ,ආයතනික රිති ඉන් සමහරකි නිතිය අනෙකුත් රිතීන් ඉක්මවා සමජය තුල උත්තරීතරතාවයක් හිමිකර ගනී එයට හේතුව වනේ  අනෙකුට් රෙතීන් මෙන් නොව නිතිය විධිමත් ආයතනයකින් පනවා තිබීමත් විධිමත්
විධිමත් ආයතනික ව්යුහයක් (පොලිසිය , අධිකාරිය ,බන්ධනාගාරයා පැවතිමයි අනෙක් රිති එසේ විධිමත් ආකාරයෙන් පනවා නොමැති අතර එය උල්ලන්ගනය වීමේදී සමජීය වශයෙන් වන නෙරපා හැරිම හැර වෙනත් ප්රතිකර්මයක් නැත

නීතිය පිලිබද නිර්වචන

සාමාජීය විද්යාවක් වු නීතිය සම්බන්ධයෙන් කාහටත් පොඩුවේ පිලිගත හැකි පොඩු නිර්වචනයක් ඉදිරිපත් කිරිම අපහසුය එක් එක් දාර්ශනිකයන් දේශපාලන නීතිය අර්ථ දක්වා තිබින්නේ විවිධ ආකාර්යෙන්ය නීතිය යන්න නිර්වචනය කිරීමේදී අපට සිදුවන්නේ එවන් අර්තකථන කීපයක් සලකා බැලීම පමණි

නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය වේ. - ඝ්රික මහා දාර්ශණික ඇරිස්ටොටල්

“නීතිය යනු ස්වාධ්පතිගේ ආඥාවයි “  - ජොන් මස්ටින්

“නීතිය යනු ප්‍රජා විමක උපකරණ්යකි”  - කාල් මාක්ස්

පුද්ගලයකුට නීතියෙන් වන බලපැම ආරම්බ වන්නේ මව්කුස පිලිසිදගත මොහොතේ සිටය සජිවී ජීවියකු ලෙස උපත ලැබිමට පෙර සිටම නීතියේ ක්‍රියාරරීත්වය අදාල වේ. ගබ්සාව සම්බන්ධ නීතිය ,නුපන් දරුවන්ගේ දේපළ හිමිකාරිත්වය පිලිබද නීතිය එයට උදාහරන වෙ උපතේ සිට මරනය දක්වා ජීවිතයේ සැම අවස්තාවකම නිතියේන් බැදිපවතී මරනයේන් අනතුරුව දේපළ භරකරතවය පිලිබද නඩු , දේපල බෙදීයාම සම්බන්දයෙන් නීතිය අදාල වෙ

ආගම , සංස්කෘතිය හා නීතිය අතර ඇති සම්බන්ධය



1.    මාර්ග නීති
2.    මිනී මැරීම සොරකම් කිරීම
3.    බොරු කිම අනාචාරය

නීති මූලාශ්‍ර

1.    ව්යවස්ථාව
a.     ආණ්ඩුක්රම ව්යවස්ථාව
b.     සෙසු ව්යවස්ථා
c.     අධිකරන තීරන
d.    චාරිත්‍ර
e.     නීතිවේදීන්ගේ මත
f.      සාධාරණත්වය පිලිබද සංකල්ප
g.    ආගම

මුලාශ්‍ර

1. ව්යවස්ථා

ලංකාවේ නීති මුලාශ්‍ර අතර වැදගත්මමුලාශ්‍රය වන්නේ ව්යවස්ථාවන්ය අපරටේ වැදගත්ම හා උත්ටරීතර නීති මූලාශ්‍රය වන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද බලය මත පාර්ලිමේන්තුව මගින් සෙසු පනත් පනවනු ලබයි. පාර්ලිමේන්තුව මගින්පනවන ලද පනතකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභවනය කිරීමේ හැකියාවක් නොමැත .යම් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනනුකූල වන්නේද එම අනනුකූල වන ප්‍රමානයට එම පනත බලාත්මක නොවේ

2.අධිකරන තීරන
ඉහල අධිකරන ආකාර දෙකකින් නීති සැදීම සිඩුකරනු ලබයි

i.)අර්ත නිරුපන:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හො සෙසු ව්‍යවස්ථාවක වගන්තියක් හො වචනයක් අර්ත නිරුපනය කරමින් ශ්‍රේෂ්ඨාධ්කරනය නීති සාදයි

ii.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 136 වැනි වගන්තියෙන් ලද බලය මත ශ්‍රේෂ්ඨාධ්කරනය මගින් "ශ්‍රේෂ්ඨාධ්කරන රීති" මගින් නීති සෑදීම සිදුකරනු ලබයි

3.සිරිත්(චාරිත්‍ර)

සිරිතක් නීතියක් ලෙස පිලිගැනිමටනම් එය ඉපැරනිද සාදාරනද වියයුතුය සිරිත් සාදාරන නොවේනම්  කොතරම් ඉපැරනි වුවද නීතිය මගින් පිලිගනු නොලැබේ
උදාහරන : - දැවැද්ද

4.නීතිවේදීන්ගේ මත

රොම නීතියේ වැදගත්ම මුලශ්‍රය වන්නේ නීතිවෙදීන්ගේ මත හා ග්‍රන්තයි රොම නීතියේ වැදගත්ම නීතිවෙදීන් ලෙස ෆුට් (Voet) හා ගොශස් හදුනා ගත හැක


ආඥා පනත්
 1948.02.04 දිනට පෙර පනවන ලද පනත්
පනත්
 1948.02.04 දින සිට 1972.05.22 (ජන රජය)
නීති
 1972.05.22 දින සිට 1978.02.04 (දෙවන ජන රජය)
පනත්
 1978.02.04 දින සිට මේ දක්වා පනවන ලද පනත්




                       
                                                                                                                                               

Thursday, February 24, 2011

Construction Technology (ඉදි කිරීම් තාක්ෂණය ) - Foundation Types (අත්තිවාරම් වර්ග)

 අත්තිවාරම් (Foundations)
ගොඩනැගිලි ඉදිකිරිමේදි පලමුව ඉඩිකරනු ලනන්නේ අත්තිවාරමයි ගොඩනැගිල්ලේ බර දරාසිටිම සහ  එම බර ආරක්ෂිත ලෙස සුදුසු අභයන්තර පස් තට්ටු මත බෙදා හරිමින් ගොඩනැගිල්ලේ බර රදවා තබා ගනිමින් අත්තිවාරම මගිනි ගොඩනැගිල්ලේ බරභුමියේ විශාල ප්රදේශයක් මත සමසේ පතුරුවා හරියි ගොඩනැගිල්ලේ බර ප්රදාන ලෙස කොටස් දෙකකි

1.අජිවි භාරය (Dead Load)
2.සජිවි භාරය (Live Load)

අජිවි භාරය (Dead Load)

ගොඩනැගිල්ල සැකසි ඇති සියලු කොටස් එනම් එහි කුලුනු , භාල්ක , වහලය දොර ජනෙල් වැනි සියලු කොටස් වල භාරයන්ගේ එකතුව අජිවි භාරය ලෙස දැක්විය හැක තවත් ලෙසකින් දැක් උවහොත් යම් ඉදිකිරිමක් සදහා යොදාගනු ලබන සියලුම අමු ද්රව්යයන්ගෙ බර හෙවත් භාරය ලෙ දැක්විය හැක

සජිවි භාරය (Live Load)

ගොඩනැගිල්ලක් තුල බාවිතාවන බඩුමුට්ටු එහි සිටින ජිවින්ගෙ භාරයන්ගේ එකතුව සජිවි භාරය ලෙස දැක්විය හැකිය
මිට අමතරව උස ගොඩනැගිලි තැනිමේදි තද සුලන් සහ කුනාටු වලින් ඇතිවන බලපැම සහ තෙරපුම් ගොඩනැගිලි අත්තිවාරම් සැලසුම් කිරිමේදි සැලකිල්ලට ගනු ලබයි

Type of Foundation (අත්තිවාරම් වර්ග)

අත්තිවාරම් වර්ග කිරිමේදි ඒවා ප්රධාන කොටස් දෙකකි

  1. නොගැඹුරු අත්තිවාරම් (Shallow Foundation)
  2. ගැඹුරු අත්තිවාරම් (Deep Foundation)
 නොගැඹුරු අත්තිවාරම් (Shallow Foundation) :-

පොලව මට්ටමේ සිට 1.5 M අඩු ගැඹුරින් සකස්වන අත්තිවාරම් මේම වර්ගටයට අයත්වේ මෙය බොහොවිට කුඩා ගොඩනගිලි ඉඩිකිරිම සඩහා යොඩාගනී

උදාහරන ලෙස :

1.      කළුගල් අත්තිවාරම් (Rubble Foundation)  

        සාමාන්‍ය කළුගල් අත්තිවාරම
  සාමාන්‍ය කළුගල් අත්තිවාරම


 



·         







ශක්ති කරනලද විසේස කළුගල් අත්තිවාරම



·        තීරු අත්තිවාරම (Strip Foundation) 

·        පහුරු අත්තිවාරම (Raft Foundation)



·        කොට්ට අත්තිවාරම (Pad Foundation)


·        මෑසි අත්තිවාරම (Grillage Foundation)
·        පියගෑට (Steep Foundation)