Sri Lanka Flag

Sri Lanka Flag
Sri Lanka Flag

Thursday, April 5, 2012

කම්කරු නීතිය (කාර්මික නීතිය)



සේවාගිවිසුම එක්තරා ආකාරයක ගිවිසුමකි එමගින් සේවා යොජකයා සහ සේවකයාගේ අයිතිවාසිකම් යුතුකම් හා බැදීම් තීරනය කරනු ලැබේ සාමාන්‍යයෙන් ගිවිසුමක් ඇතිවන්නේ සමන පාර්ශව දෙකක් අතරය එහිදී පාර්ශව කරුවන්ගේ කේවල් කිරීමේ හැකියාව සමානවෙතැයි නීතිය උපකල්පනය කරයි නමුත් සේවාගිවිසුමක් ඇතිවන්නේ අසමාන පාර්ශවදෙකක් අතරය එහිදී සේවා යොජකයා ප්‍රබල පාර්ශ්වය බවට පත්වන අතර සේවකයා දුබල පාර්ශයය බවට පත්වේ
මෙවැනි අවස්තාවකදී දුබල පාර්ශවයේ කේවල් කිරීමේ හැකියාව ඉතා අඩුය එ නිසා සේව්‍ය සේවක සම්බන්දතාවයන් පාලනය වනේ සාමාන්‍ය ගිවිසුම් නීතියෙන් නොව එ සදහා විශේෂිතවම නිර්මානය වු කම්කරු නීතිය තුලිනි
කම්කරු නීතිය මගින් ආවරනය වන සේවකයන් හා ආවරනය නොවන සේවකයන්

අදාලවන සේවකයන්

1.    සියලුම පෞද්ගලික අංශයේ සේවකයන්
2.    සංස්තා මන්ඩල රාජ්‍ය බැන්කු ව්‍යවස්තාපිත මන්ඩල අධිකාරී කාර්යංශ සේවකයන්
3.    සමූපකාර සේවකයන්

අදාල නොවන සේවකයන්



 
1.    සියලුම රාජ්‍ය සේවකයන්                          
2.    රාජ්‍ය පලාත්පාලන සේවයේ නියුතු අයට
3.    ගෘහ සේවකයන්ට
4.    ස්වයං රැකියාවල යෙදෙන්නන්

කම්කරු නීත්යෙන් පාලනය වන සේවකයන් පහත පරිදි වර්ග කළ හැක

සේවකයන් වර්ග

  1. පරිවාස සේවකයන්
  2. ආදුනිකයන්
  3. ස්තිර කාල ගිවිසුම් (නියමිත කාල ගිවිසුම්)
  4. වාරික රැකියා
  5. අනියම් සේවකයො  
  6. ස්තිර සේවකයො


1.පරිවාස සේවකයන්

සේවකයාගේ සේවය ආයතනයට අවශ්‍ය පරිදි වර්දනය වනේද නැද්ද යන්න පරීක්ෂාවට ලක් කරයි එ අනුව සේවකයා ආයතනයට ආශය මට්ටමට වර්දනය වී ඇතනම් සේවය ස්තිර කිරීම කල හැක
සේවකයා එසේ වර්දනය වී නොමැතිවිට පරිවාස කාලය තුල ඔනෑම අවස්තාවක හේතු නොදන්වා හො සේවයෙන් ඉවත් කිරීමේ හැකියාව සේවායොජකයාට ඇත එසේම පරිවාස කාලය දීර්ග කිරීමට සේවායොජකයාට හැක
පරිවාස කාලය තුල සේවකයකුගේ සේවය අවසන් කලහොත් එ සම්බන්දව සේවකයාට අධිකරනය ඉදිරියේ අඹියොග කළ නොහැක
නමුත් සේවකයාගේ සේවය අවසන් වුයේ සේවය සම්බන්ද ගැටලුවක් මත නොව පෞද්ගලික පලිගැනීමක් මත වන අවස්තාවකදී නම් පරිවාස සේවකයකුට එම පදනම මත නඩු පැවරීමේ හැකියාව ඇත

3.ආදුනිකයන්

ආදුනිකයා යනු කිසියම් කර්මාන්තයක් හො වෘතියක් හො ඉගන ගැනීමට පමනක් පැමිනි අයෙකි ඔහු සමග සේවායොජකයාට සේව්‍ය සේවක සම්බන්ද තාවයක් නොමැත නියමිත කාලය තුලදී ආදුනිකයාට අවෂ්‍ය වෘතීය නිපුන තාවයලබාදීම සේවායොජකයාගේ කාර්යවේ ඔහුට වැටුපක් ගෙවනු නොලබයි

3.ස්තිර කාල ගිවිසුම් (නියමිත කාල ගිවිසුම්)

නියමිත කාලයක් සහිත ගිවිසුමක් යනු නිස්චිත කාල පරිඡ්චේදයක් සදහා ලද ගිවිසුමක් වන අතර එම කාලය අවසානයේදී ගිවිසුම අවසානවේ ගිවිසුම් කාලය අවසන් වීමට පෙර පාර්ශවකරුවන්ගේ කැමැත්ත මත ගිවිසුම අවසන් කල හැකිය

4.වාරික රැකියා
ලංකාවේ ඇතැම් සේවා ඉටුකරනු ලබනේ අවුරුද්දේ යම් කාල පරිච්චේදයක් තුල පමනි දුම්කොල , සංචාරක කර්මාන්තය , උක් කර්මාන්තය උදාහරන ලෙස දැක්විය හැකිය

5.අනියම් සේවකයො  

අයිතිවාසිකමක් ලෙස මොවුන්ට රැකියාව බලාපොරොතු විය නොහැක කිසියම් දිනකට හො කාර්යයක් සදහා සේවයේ යොදවයි එ සදහා දෛනික වැටුපක් ගෙවයි​​​

6.ස්තිර සේවකයො

මොවුන් මාසය අවසානයේ ස්තිර වැටුපක් සදහා හිමිකම ඇත එසේම රැකියාව අයිතිවාසිකමක් ලෙස හිමිවේ මෙය බොහොවිට ඉහල අධ්‍යාපන මට්ටම් අය සදහා පවතින සේවා තත්වයකි මෙහිදී සේවකයාගේ කේවල් කිරීමේ හැකියාව ඉතා ඉහලය

අර්ථ නිරූපන

1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත 48 වන වගන්තිය යටතේ සේව්‍යයා සේවකයා සහ කාර්මික ආරවුල යන්න අර්තනිරුපනය කරයි

සේවකයා (කම්කරුවා )
සේවායොජකයා සමග ,
·       ලිකිත හො
·       වාචික හො
·       ව්‍යංගික හො
·       ගිවිසුමකින් බැදී ,සේවය ලබාදෙන තැනැත්තකු අදහස් කෙරේ
මෙහිදී වැටුපක් අපේක්ෂාවෙන් සේවය සැපයීමා සිදුකරනු ලබයි එ අනුව ආයතනයක සාමාන්‍යාඅදිකාරීවරයා ගේ සිට සියලුම සේවකයන් මෙම අර්තකතනයට ගැනේ

සේවායොජකයා
වැටුපක් හො වේතනයකට යම්කිසි තැනැත්තකු සේවයේ යොදවනු ලබන තැනැත්තා සේවායොජකයා වේ

කාර්මික ආරවුල
·       සේවායොජකයා අතර හො
·       සේවකයන් හා සේවායොජකයන් අතර හො
·       සේවකයන් හා සේවකයන් අතර හො, රැකියාව දීම, නොදීම, අතිකාල, සේවා කොන්දේසි ආදිය සම්බන්දයෙන් වු ආරවුල කාර්මික ආරවුලකි

ලංකාවේ පුර්ව යටත් විජිත යුගයේ සමාජ සම්බන්ද තාවයන් රදල වැඩවසම් සමාජ අකෘතියට අනුව සකස්වී තිබුනි එය තුල්ක වැටුපක් හො වේතනයක් අරමුනු කර ශ්‍රමය ලබාදීමක් සිදුනොවීය ඉංග්‍රීසි පාලන සමය  තුලදී ඉංග්‍රීසින් විසින් ලංකාවේ සමාජ ව්‍යුහය වෙතට දනේශ්වර ප්‍රතිසංස්කරන හදුන්වා දේන ලදි ඉංග්‍රීසින් විසින් හදුන්වා දෙන ලද මුඩුබිම් පනත යටතේ සිංහලයන්ගේ ඉඩකඩම්  විශේෂයෙන් උඩරට රජයට පවරාගෙන වානිජ වතු වගාව ආරම්බ කරන ලදි වානිජ වතු වගාව සදහා අවශ්‍යකරන ශ්‍රමය ලාංකිකයන් තුලින් සපුරා ගැනීමට නොහැකිවු බැවින් එ සදහා ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන එන ලදි මෙ අනුව මධ්‍යම කදුකරය කෙන්ද්‍රකරගත් ද්‍රවිඩ සම්බවයක් සහිත කම්කරුවන් ප්‍රමානයක් ලංකාවේ ඇතිවිය එසේම කොලඹ වරාය , මුද්‍රනාල ,ගැල්කරුවන් , රෙදිසොදන්නන් අදී පදනම් කරගත් නාගරික කම්කරුවන් කිහිපයක්ද බිහිවන්නට විය මේ නිසා මෙම කම්කරුවන් පාලනය කිරීමට නීතිරීති පැනවීමට සිදුවිය මේ අනුව 1948 අංක 5 ආඥා පනත ලංකාවේ ව්‍යවස්තාදායකය විසින් කම්කරුවන් උදෙසා පනවන ලද පලමුවන ව්‍යවස්ථාව ලෙස දැක්විය හැක

1893 කෙවු මුද්‍රණාලයේ ඇතිවු වැඩවර්ජනය ලංකාවේ ඇතිවු පලමු වැඩ වර්ජනයයි එයට නායකත්වය දෙන ලද්දේ "බුල්ජන්ස්" නැමැත්තෙකි 1930 දශකය පමන වන විට ලංකාවේ කම්කරු පන්තිව්‍යාපාරයේ කැපීපෙනෙන නායකයා වුයේ අ.එ.ගුනසින්හ මහතා වේ 1931 දී ලංකාවේ පලමුවන දේශපාලන පක්ශය ලෙස ක්‍රොස්කි වාදය මට පදනම් වු ලංකා සමසමාජ පක්ෂය බිහිවිය ඉන් අනතුරුව ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වය සමසමාජ පක්ෂය වෙත අත්විය 1948 වැඩ වර්ජනය 1952 හර්තාලය ඇතිවන්නේ සමසමාජ පක්ෂයේ නායකත්වයෙනි

ලංකාවේ සේව්‍ය සේවක සම්බන්ද තාවය විදිමත් කිරීමේ අරමුනින් ගෙන එන ලද පනත් විශාල සංඛ්‍යාවක් පවතින අතර එම පනත් තුළ අරමුනු අනුව එවා ප්‍රධාන කොටස් 4ක් යටතේ බෙදා දැක්විය හැක

1.වැටුප් හා සේවා කොන්දේසි විධිමත් කිරීම

උදා සාප්පු හා කාර්යාල සේවක පනත
පඩිපාලක සභා අඥාපනත

2.කාර්මික සුරක්ශිතතාවය ආරක්ෂා කිරීම

උදා   කම්කරු වන්දි අඥාපනත
කර්මාන්තශාලා අඥාපනත

3.සමාජ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම

උදා   සේවක අර්ථසාදක අරමුදල
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල
පාරිතොෂිත ගෙවීම් පනත

4.කාර්මික සම්බන්ධතාවය විධිමත් කිරීම

උදා   කාර්මික ආරවුල් පනත
වෘතීය සමිති අඥාපනත
සේවය අවසන් කිරීමේ පනත

 වැටුප් හා සේවා කොන්දේසි විධිමත් කිරීම


මෙම පනතේ අරමුන වන්නේ සාප්පුවක හො කාර්යාලයක සේවය කරන සේවකයන්ගේ වැටුප් සේවා කාලය නිවාඩු දින අතිකාල සම්බන්දයෙන් නීතිරීති පැනවීමත් මෙම පනතෙන් ආවරණය වන සේවිකාවන්ට ප්‍රසුතිකාධාර පහසුකම් සැලැස්වීම සම්බන්ද පියවර ගැනීමත් වේ

සාප්පුවක් යනු

සාප්පුවක් යනු  ඔනෑම ව්‍යාපාරික ස්ථානයක එයතුල සිල්ලර හො තොග වෙලදාම් කරන ස්තානයකි සිල්ලර හො තොග වෙලද ගබඩා ,නේවාසික හොටල්, ආපන ශාලා , තානායම් හා වෘතීය නිල නිවාස , රෙදි පිරිසිදු කරන ස්තාන ආදිය ඇතුලත් වේ

කාර්යාලයක් යනු

යම් ව්‍යාපාරයකට අදාල කටයුතු පවත්වාගෙන යාමට පිහිටුවා ඇති ස්තානයකි එහි සේවකයන් කාර්යාල සේවාක ගණයට වැටේ එසේම පෙර සදහන් කළ සාප්පුවක ලිපිලේඛව කටයුතු සදහා පැවැත්වෙන අංශයක්ද කාර්යාලයක් ලෙස හැදින්විය හැක එසේම යම් වෘතියක (නිතිඥ ,​​වෛද්‍ය ,මිනින්දොරු ,සැලසුම් ශිල්පීන්,ගෘහනිර්මාන ශිල්පීන් ගේ කාර්යාල) කර්මාන්තයකට හො ව්‍යාපාරයකට පිහිටුවා ඇති ආයතන වේ

සේවා කාලය

සේවකයකුගේ ​දෛනික සේවා කාලය කෑම පැය හැර පැය 8 කි සතියක සේවාකාලය පැය 45 කි සතියේ එක්දිනක් පමනක් සේවාකාලය පැය 5කි එම දිනය සෙනසුරාදා , ඉරිදා විය යුතු යැයි නීතියේ නියමයක් නැත

සති නිවාඩුව

සතියේ අතිකාල හැර පැය 28ක සේවා කාළයක් සම්පුර්නකර ඇති සේවකයකුට දින 1 1/2 වැටුපක් සහිතව නිවාඩු ලැබීමට හිමිකම ඇත මෙහි පුර්ව දිනය ඉරිදා අර්ද දිනය සෙනසුරාදා විය යුතුයැයි නීතියේ නියමයක් නැත

වාර්ෂික විශ්‍රම නිවාඩු

සේවකයකුගෙ ශාරීරික හා මානසික සෞඛ්‍යය ආරක්ශා කර ගැනීම සදහා වර්ශයකට වැටුප් සහිතව දින 14 නිවාඩු ලබාගත හැක පනතට අනුව මෙම නිවාඩු ලබා නොගැනීම හො ලබාගැනීම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇත එසේම ලබානොගත් නිවාඩු වෙනුවෙන් මුදල් ගෙවීමට හැකියාව නොමැත සෙවයට බැඩුනු මුල් වර්ශයේදි මෙම නිවාඩු සදහා හිමිකම් නොලබයි දෙවන වර්ශයේ සිට මෙම හිමිකම් ලැබෙන්නේ සේවයට බැදුනු කාර්තුව අනුවය එ අනුව සෙවයට බැදුනු මුල් කාර්තුවේ නම් දින 14 2වන කාර්තුවේ නම් දින 10 3වන කාර්තුවේ නම් දින 7ක්ද 4 වන කාර්තුවේ නම් දින 4 ද වශයෙන් හිමිවේ ඉන්පසු වසරකට දින 14 බැගින් නිවාඩු ඇත

අනියම් නිවාඩු

සේවකයකුට වසරකට වැටුප් සහිතව දින 7ක් අනියම් නිවාඩු  ලෙස ලබා ගැනීමට හිමිකම් ඇත මෙම නිවාඩු හිමිවන්නේ වාර්ශික මිශ්‍රව නිවාඩුවට අමතරවය සේවයට බැදුනු මුල් වර්ශයේදී මෙම නිවාදුව හිමිවානේ සම්පුර්න කරන ලද මාස 2ක් සදහා දින 1 බැගිනි දෙවන වසරේ සිට දින 7ක් දක්වා හිමිකම් ලබයි

අතිකාක (Overtime )

දිනකට හො සතියකට නියමිත කාල සීමාවන්ට වඩා වැඩියෙන් වැඩ කරන පැය ගනන අතිකාක  පැය ලෙස හැදින්වේ සාමාන්‍ය පැයකට නියමිත ගෙවීම මෙන් 1.5 ගුනයක් අතිකාල පැයක් සදහා හිමිවේ මෙය සාමාන්‍ය පැයකට හිමි වැටුප ගනනය කරනේ මුලික වැටුප 240 බෙදීමෙනි (8x30) බෙදීමෙනි සතියකට අතිකාල සේවයේ යෙදිය හැකි උපරිම සීමාව පැය 12 කි.
මෙම නිවාඩුවලට අමතරව රජය මගින් ප්‍රකාෂයට පත්කරන ලද ප්‍රසිද්ද නිවාඩු දින හා පොහොය නිවාඩු දින වැටුප් සතිතව ලැබීමට සේවකයන්ට හිමිකම ඇත

ප්‍රසූතිකාධාර

මෙම පනතින් ආවරනය වන සේවිකාවන් සදහා පලමු සජීවී දරු උපත් දෙක සදහා වැටුප් අහිතව වැඩකරන දින 84ක් ප්‍රසූති නිවාඩු ලෙස හිමිවේ . ඉන්පසු දරු උපත් සදහා හිමිවන්නේ වැටුප් සහිතව වැඩ කරන දින 42 පමනි


1941 අංක 27 දරන පඩි පාලක සභා ආඥාපනතින් (කර්මාන්ත හා වතු ක්ශේත්‍රයේ නියුතු සේවකයන්) පාලනය වන සේවකයන්ගේ වැටුප් වේතන විදිමත් කිරීමත් පඩි පාලක සභා පිහිටුවීම සම්බන්දයෙන් විධිවිදාන සැලසීමත් මෙම ආඥාපනතේ අරමුනු වශයෙන් සදහන් කර ඇත
පනතේ දෙවන කොටසට අනුව 
කම්කරු අමාත්‍යවරයාට එක් එක් කර්මාන්තය සදහා පඩි පාලක සභා පත්කිරීමට බලය ඇති අතර එකී පලක සභාව විසින් ගන්නා තීරන ගැසට් පත්‍රයේ පලකිරීම මගින් ප්‍රසිද්දියට පත්කර නීතිගට කරනු ලැබේ දැනට පඩිපාලක සභා 37 පමන ක්‍රියාත්මක වේ

උදාහරන :
                                                             i.      තේ වැවීමේ හා නිපදවීමේ කර්මාන්තය
                                                          ii.      දුම්කොල කර්මාන්තය
                                                       iii.      බතික් කර්මාන්තය
                                                       iv.      ගොඩනැගිලි කර්මාන්තය

වැඩකරන කාලය මෙම කර්මාන්ත වලට අදාල වැටුප් , නිවාඩු දින අදිය එකිනෙකට වෙනස් වේ එවා අදාල පඩිපාලක සභාව විසින් තීරනය කරනු ලැබේ

 
සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් ගෙන එන ලද පනත්

1.    සේවක අර්ථසාදක අරමුදල් පනත
2.    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනට
3.    පාරිතොශිත ගෙවීම් පනත


පනතේ අරමුණ

රජයේ සේවකයට විශ්‍රාම වැටුපක් ලැබුනද පුද්ගලික  අංශයේ සේවයේ යෙදීසිටින සේවකයන්ට හො ඔවුන්ගේ යැපෙන්නන්ට ජීවිතය පවත්වාගෙන යාම සදහා කිසිදු පිටුවහලක් නොවීය (1958ට පෙර) වයොවෘද්ධතාවය නිසා හො බෙල හීන තාවය නිසා හො එලඹෙන රැකියා වියුක්තියේදී මෙවැනි අයට ජීවිකාව සදහා අරමුදලක් රැස්කරදීම දරන සේවක අර්ථසාදක අරමුදලේ ප්‍රධාන අරමුණයි මේ වනවිට මේ අරමුන නිවාස ණය දක්වා පුලුල්වී ඇත

ආවරනය වන සේවා

ස්තිර,අනියම්,තාවකාලික,දෛනික පඩිලබන,කොමිස් ක්‍රමයේ පඩිලබන ,කොන්ත්‍රාත් වැටුප් ලබන,නිමකල ප්‍රමානයට වැටුප් ලබන,කලින් කල සේවය ලබන,චාරිකාවේ යෙදෙමින් භාන්ඩ අලෙවිකරන, ආයතන කිහිපයක වැඩ කරන. සේවක සෙවිකාවො මෙම පනතෙන් ආවරණය ලබති

එක් සේවකයක් සේවයේ යොදවනු ලැබුවද අර්ථසාදක අරමුදල් ගෙවිය යුතුය එසේම අවුරුදු 55 ඉක්මවා සේවයට බැදෙන සේවකයන්ටද අවුරුඩු 50 ඉක්මවා සේවයට බැදෙන සේවිකාවන්ටද දායක මුදල් ගෙවිය යුතු වේ ගොඩනැගිලි , කොන්ත්‍රාත් ආදීයේ සේවය කරන අයද එ සේවාකාලය සදහා දායකමුදල් ලැබීමට හිමිකම් ලබයි.

සේවකයකුගේ මුලු ඉපයීම් වලින් 8% ක ප්‍රමානයක්ද ,සේවා යොජකයා විසින් 12% ප්‍රමානයක්ද වනසේ සේව්‍ය සේවක දෙපාර්ශවයම දායක මුදලින් සේවක අර්ථසාදක අරමුදල ගොඩනැගේ

සේවකයාගේ වැටුපෙන් 8% ක ප්‍රමානයක් අඩුකර තමා විසින් එකතු කලයුතු 12% ප්‍රමානයඩ එකතුකර අර්ථසාදක අරමුදල වෙත යැවීම සේවා යොජකයාගේ වගකීම වේ එය ප්‍රමාදකිරීම හො නොගෙවීම දඩුවමකට යටත්විමට හේතුවක් වේ

මුළු ඉපයීම යන්නට අතිකාල හැර අනෙකුත් සියළුම ඉපයීම ඇතුලත් වේ එ අනුව වැටුප, ජීවනාදාර, නිවාඩුදින සදහා ගෙවීම, දිරිදීමනා, කැලි මට්ටමේ ගෙවීම් ,කොමිස් ක්‍රමයේ ගෙවීම් සේවකයන්ට සැපයෙන ආහාරවල වටිනාකම ආදියද ඇතුලත් වියයුතුය එහෙත් බොහො ආයතන මෙම මුදල් ගෙවනු ලබනේ පුලික වැටුප පදනම් කරගෙනය එය නිවැරදි ක්‍රමයක් නොවේ

සේවකයකු සේවයට බැදී දින 14ක් ඇතුලත D අකෘති පත්‍රය පුරවා

කම්කරු කොමසාරිස්.
සේවක අර්ථසාදක අරමුදල ,
කම්කරු මහලේඛම් කාර්යාලය ,
කොලඹ

යන ලිපිනයට යැවිය ‍යුතුය

කිසියම් හේතුවක් නිසාවත් සේවකයා අකමැතියැයි පවසා හො ඔහුගේ ප්‍රකාශයක් ලබාගෙන හො දායක මුදල් ගෙවීමෙන් නිදහස් වීමට නොහැක සේවකයාගේ පැමිනීම ,පිටවීම ඇතුලත් පොතක්ද ,වැටුප් ලේඛනයක්ද පවත්වාගෙන යායුතුය එසේ පවත්වාගෙන ගොස් නොමැතිනම් සේවක ප්‍රකාශ මත ගනනයන් සිදුකිරීමට බලය කම්කරු දෙපාර්තුමෙන්තුවට ඇත

ගිනුම් එකාබද්ද කිරීම
මෙ සදහා ආකෘති පත්‍රය යොදාගනු ලැබේ එක් සේවායොජකයකු යටතේ සේවය කර තවත් සේවායොජකයකු යටතේ සේවයට යනවිට පැරණි ගිණුම හා නව ගිණුම එකාබද්ද කිරීම  මේ මගින් සිදුකෙරේ

ප්‍රතිලාබ ලබාගත හැකි අවස්තා
සේවක අර්ථසාදක අරමුදලේ ඇති මුදල් පහත අවස්ථාවලදී ලබාගත හැක

1.විශ්‍රාම ලැබීමේ වයසට පැමින සේවයෙන් ඉවත්වීම
පිරිමි සේවකයකු නම් වයස අවුරුදු 55,ස්ත්‍රී සේවිකාවක් නම් වයස අවුරුදු 50ද ඉක්මවු  පසු දායක මුදලේ ප්‍රතිලාබ ලබාගත හැක

2.විවාහවීමේ හේතුව මත සේවයෙන් ඉවත් වීම
මෙය සේවිකාවන්ට පමනක් උරුම වරප්‍රසාදයකි සේවයෙන් ඉවත් වී මාස 3ක් ගතවීමට පෙර විවාහ වු හො විවාහවි වසර 5 නොඉක්මවු සේවිකාවො මේ සදහා සුඩුසුකම් ලබති

3.සදහටම රොගී වීම නිසා සේවයෙන් ඉවත්වීම
තවදුරටත් සේවයේ යෙදීමට අපහසු බවට රජයේ ආරොග්‍ය ශාලාවක් ​​වෛද්‍ය වරයකු සවුඛ්‍යය 307 පොරමයක් මගින් සහතික කර  ඉදිරිපත් කල යුතුය එ අනුව වෛද්‍ය මන්ඩලයක් ඉදිරියේ පෙනීසිටීමෙන් අනතුරුව තවදුරටහ් සේවය කීරීමට නොහැකිබවට තීරනය කල විට අදාල මෞදල් ලබාගට හැක

4. ස්තිර වීසා ලබා විදේශයක පදිංචියට යාම
ස්තිර වීසා පත් ලබා වෙනත් රටක නිත්‍ය දිංචියට යන අවස්තාවක එම වීසා බල පත්‍රයේ චායා පිටපතක්ද ගමන් බලපත්‍රයේ චායා පිටපතක්ද සහිතව අදාල ඉල්ලීම කලයුතු වේ 

5.රජයේ හො පලාත්පාලන සේවයේ ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යාම

*සේවක අර්ථසාදක අරමුදලේ සාමාජිකයකුට තමන්ගේ ගිනුමේ ඇති මුදලින් 75 % නොඉක්මවන මුදලක් නිවාස ණයක් ලෙස ලබාගැනීමට හැකියාව ඇත


සේවක අර්ථසාදක අරමුදල යනු සේව්‍ය සේවක දෙපාර්ෂවයේම එකතුවෙන් ගොඩනැගෙන අරමුදලක් වුවද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ විශේෂත්වය වන්නේ එම අරමුදල සේවායොජකයාගේ දායකත්වයෙන් පමනක් ගොඩනැගීමත් එහි ප්‍රතිලාබ සේවකයාට ලබාගැනීමත් ය
මෙය වැඩකරන ජනතාවගේ මුල්‍යමය ප්‍රතිලාබ ලබාගැනීම සදහා සකස් කරන ලද සමාජ සංරක්ෂන ක්‍රමයකි සේවායොජකයාගේ ආදායමෙන් කොටසක් සේවකයාගේ අනාගත සුබ සිද්දිය සදහා පවත්වාගෙන යාම පිනිසය. මෙමගින් අරමුදල ගොඩනගයි
මෙම පනතේ තවත් විශේෂත්වයක් වන්නේ සේවකයන් සේවායොජකයන්ගේ තත්වයට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමයි එ අනුව අරමුදලේ මුදල් ලබදායී ව්‍යාපාර වලට අයොජනය කර එමගින් ලැබෙන ලාබාංශය සේවකයන්ට ලබාදීමට සිදුවේ
ස්වයංරැකියාවේ නියුතු වුවන්ට මෙම දායක අරමුදලේ සාමාජිකත්වය ලබාගට හැක

ධායක මුදල් ප්‍රමානය

සෑම සේවකයකුගේම මාසික මුලික ඉපයිමෙන් (මුළු ඉපයීම යනු අතිකාල හැර අනෙකුත් සියළුම ඉපයීම ඇතුලත් වේ) 3% ප්‍රමාන මුදලක් සේවායොජකයා විසින් මෙම අරමුදලට ගෙවිය යුතු වේ මෙම මුදල සේවකයාගේ වැටුපෙන් අඩු කිරීම නීති විරොදී වේ .

ප්‍රතිලාබ ලබාගත හැකි අවස්තා

1.    විශ්‍රාම ලැබීමේ වයසට පැමින සේවයෙන් ඉවත්වීම
2.    සේවයෙන් පහ කිරීමේදී
3.    සේවය අවසන් කරනු ලැබීමෙන්
4.    තනතුරක් ඉල්ලා අස්වීමෙන්
5.    නොදන්වා සේවයෙන් බැහැරව යාමෙන්
6.    තනතුර අතහැර යාමෙන්
7.    ආයතනය වසා දැමීමෙන්
8.    ආයතනය ජනතාකරනය හො පුද්ගලීකරනය කිරීමෙන්
9.    හදිසි අසනීපයක් හො අනතුරක් නිසා සේවය අවසන් වීමෙන්
10.                       සේවකයකු මිය යාමෙන්

ඉහත 2 සිට 7 හේතුමත අවුරුදු 5 කට වරක් ප්‍රතිලාබ මුදල් ලබා ගත හැක

මෙම ප්‍රතිලාබ වලට අමතරව සුබසාධන ප්‍රතිලාබයන්ද සේවකයන්ට ලබාදී ඇත ඒ අනුව හඩවත් සැත්කම් ,ඇසේ සුද ඉවත් කිරීමකදී,අක්ෂි කාච මිලදී ගැනීමකදී එයට වැයවු මුදල් ගෙවීමටද අරමුදලේ සාමාජිකයන්ගේ දරුවන් 5 වසර ශිෂ්‍යත්වය සමත්වීමකදී ශිෂ්‍යාදාර ගෙවීමද මේ යටතේ සිදුවේ


මෙම පනතින් ආවරනය වීම සදහා සම්පුර්න කලයුතු සුදුසුකම්

1.වසර 5කට වඩා වැඩිකාලයක් සේවයකර තිබීම
2එම ආයතනයේ සේවකයන් 15 හො ඊට වැඩි සංඛ්‍යාවක් සිටීම

වසර 5කට වඩා සේවාකාලයකින් යුතු සේවකයන් 15කට වඩා වැඩි ආයතනයක සේවකයකු සේවයෙන් ඉවත්වී සති දෙකක් (2) තුල අදාල පාරිතොශිත මුදල් නොගෙවුවේනම් ඒ පිලිබදව පැමිනිලි ඉදිරිපත් කල යුත්තේ අදාල ප්‍රදේශයේ කම්කරු දෙපාර්තුමේන්තුව වෙතය
සේවකයන් 15 කට අඩුනම් ඒ පිලිබදව පැමිනිලි ඉදිරිපත් කල යුත්තේ අදාල ප්‍රදේශයේ කම්කරු විනිස්චය සභාව වෙතය

ගනනය කිරීම්

වසර 5කට වඩා වැඩි සේවාකාලයක් ඇති සේවකයකුට අවසාන වැටුපෙන් සති දෙකක වැටුප් සම්පුර්න කරන ලද සේවාකාලයෙන් ගුනකිරීමෙන් ලැබෙන මුදල පාරිතොශිතය ලෙස සේවය අවසන් වී දින 14 ක් තුල ගෙවිය යුතුය

ප්‍රසූතිකාධාර ආඥා පනත

සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරනය වන සේවිකාවන්ට හිමිවන ප්‍රසූත නිවාඩු සම්බන්දයෙන් සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ මින්පෙර සාකච්චා කර ඇත
ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ ආවරනය වන්නේ පඩි පාලක සභා ආඥාපනතින් ආවරනය වන සේවිකාවන් පමනි
මෙම පනතින් ආවරනය වන සේවිකාවකට පලමු සජීවී දරු උපත් දෙක සදහා දින 84ක් ද ඉන් අනතුරුව උපදින දරුවන්ට දින 42ක් ද වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලෙස හිමිවේ
ප්‍රසූති නිවාඩු කාලය තුල සේවයෙන් පහකිරීමක් පිලිබදව කිසිම දැනුම් දීමක් බාර නොදිය යුතුය එසේම ගැබ් ගැනීම හො ප්‍රසුතිය නිසා කිසිම සේවිකාවක් සේවයෙන් පහකල නොහැක දරුප්‍රසූතියක් පිලිබදව සේවායොජකයාට දැන්වුවිට ප්‍රසුතියට මාස තුනකට පෙර සහ පසු මාස තුනක් වනතුරු සේවිකාව හො ඇයගේ කුසතුල ඇති දරුවාට හානියක් සිදුවියුඅ හැකි රැකියාවක නොයෙදිය යුතුය


ලංකාවේ කර්මාන්තශාලා තුල සේවය කරන සේවකයන්ට ශාරීරික හො සෞඛ්‍යය ලෙස සිදුවිය හැකි අනතුරු වලක්වාලීමට පියවර ගැනීම මෙම පනතේ අරමුන වේ
මෙහිදී අනතුරු වලක්වා ගැනීමේ යුතුකම හා වගකීම සේව්‍ය හා සේවක යන දෙපාර්ෂවයටම පවතී සේවකයකු විසින් තමාට හො තමාසමග සේවය කරන අනෙකුත් සේවකයන්ට හො අනතුරක් වන පරිදි ඔනෑකමින් හො යුක්තිසහගට හේතුවක් නොමැතිව කිසිවක් නොකල යුතුය තමා සේවය කරන ස්තානයේ සේවක ආරක්ෂාවට සෞඛ්‍යය හා ආරක්ෂන ද්‍රව්‍ය සදහාබාදා නොකල යුතු අතර අනිසි ලෙස ප්‍රයොජන ගැනීම කොකලයුතුය සේවා යොජකයා විසින් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී හා භාවිතා කිරීමේදී පලපුරුද්ද ඇති අයකුගේ අදීක්ෂනය ලබාදිය යුතුය
ගොඩනැගිලි ඉදිකිරීමේදී අදාක සැලසුම් දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ලවා අනුමත කල යුතුය සේවකයන් 5 දෙනෙකුට නොඅඩු කර්මාන්තශාලා සදහා නිෂ්පාදන කටයුතු වලදී සේවකයන් යොදවන සෑම කාමරයක් සදහා 400 ගන අඩි අවකාශයක් තිබිය යුතුයසේවකයන් සදහා නිශ්පාදන ස්තානයෙන් බැහැරවු ස්තානයක කෑම කාමරයක් තිබිය යුතුය එම කාමරයේ සේවක සංඛ්‍යාවෙන් 30% ක් සදහා ඉඩ තිබියයුතු අතර එක්සේවකයකු සදහා 40 වර්ග අඩි ඉඩ තිබිය යුතුය
සැම සේවකයන් 25 කටම එක් වැසිකිලියක් බැගින්ද ගැහැනු පිරිමි ලේස වෙනවෙනම සැපයිය යුතුය සේවකයන් 20 දෙනෙකුට සේදීමේ බේසම් එක බැගින් අවශ්‍යවේ සේවා ස්තානයේ ඇති පඩිපෙලෙන් යාමට ඇති උස් ස්තාන සදහා ගමන් කරන මාර්ගයන්ට පඩිපෙලක් තිබිය යුතු අතර මනාලෙස ශක්තිමත් ලෙස තිබිය යුතුය එමෙන්ම විවෘත ස්තාන මනාලෙස ආවරනය කර තිබිය යුතුය සේවා ස්තානයෙන් පිටව යාමට අවම වශයෙන් දොරවල් 2ක් තිබිය යුතුයඅනතුරු දායක තත්වයකදී ක්‍රියාකලයුතු ආකාරය පිලිබදව උපදෙස් ලබාදිය යුතුය
යන්ත්‍රවල ඇති සියලුම චලනයවන කොටස් ආවරනය කලයුතුය මාස 12 වරක්වත් කම්කරු දෙපාර්තුමෙන්තුවේ නිලදාරියකු කර්මාන්තශාලාව පරීක්ෂාකල යුතුය
කර්මාන්තශාලා තුල සිදුවන අන්තරාදායක සිදුවීම් ගොඩනැගිලි කඩාවැටීම් ,ගිනි ගැනීම් ,පිපිරීම් අදිය සිදුවුවිට දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු වෙත දැන්විය යුතුය


යම්කිසි වෘතියක යෙදී සිටියදී සිදුවු අනතුරක් සම්බන්දයෙන් හෝ කාලයක් යම් වෘතියක යෙදී වැලදුනු අනතුරු දායක රෝගයක් සම්බන්දයෙන් යම් නිස්චිත වන්දියක් ගෙවීමට සේවායෝජකයා වෙත පැවරීම මෙම පනතේ අරමුන වේ
කම්කරු වන්දි ආඥා පනත හා කම්කරු වන්දි ............ පනත අතර දැඩි සම්බන්දතාවයක් ඇත ...... යටතේ සේවකයන්ට සිදුවන අනතුරු වලක්වා ගැනීමයි කම්කරු වන්දි පනත සේවකයන් අනතුරු වලින් ආරක්ෂානොකරන සේවායෝජකයන්ට එකී අනදුර නිසා ඇතිවන……. වන්දි ගෙවීමට ඉඩකඩ සලස්වා ඇත මෙම පනතේ ඇති විෂේශත්වය වන්නේ කම්කරු අනපනත් මගින් රජයේ සේවකයන් බැහැරකර තිබුනද මෙම පනත මගින් රජයේ සේවකයන් ආවරනය වීමයි එසේවුවද පොලීසිය හා ත්‍රිවිද හමුදා සේවකයන් මෙම පනතට ඇතුලත් නොවේ

සේවා කාලය තුල සේවයේ යෙදීම නිසා සිදුවන අනතුරුවලට සෙවා යෝජයයා වගකීමට බැදී සිටී නමුත් පහත සදහන් අවස්තා වලදී සිදුවන අනතුරු වලදී වගකීමට සේවා යෝජකයා බැදී නොමැත 

1.    අනතුර සිදුවීම නිසා සිදුවන දුබල තාවය දින 7 කට වඩා අඩුවීම
2.    අනතුර සිදුවු අවස්තාවේදී බීමත්ව සිටීම
3.    සේවා යෝජකයාගේ නියෝග වලට පට හැනිව ක්‍රියා කිරීම
4.    ආරක්ෂක විධිවිදාන වලට පටහැනිව ක්‍රියාකිරීම

සේවකයෙක් දීර්ග කාලයක් තිස්සේ යම් වෘතියක යෙදී සිටීම නිසා වෘතීය ආබාදයක් ඇතිවිය හැක
රැකියාව නිසායැයි ඔප්පුකල හැකිනම් වන්දියක් ලබාගැනීමට හිමිකමක් ඇත සමහර රැකියා මගින් විවිධ රෝග ඇතිවිය හැකිබව නීතිය පිලිගෙන ඇත

ඒ අනුව
                  I.            අදික ශබ්ද වලට
               II.            රසායනික වෘතීන්වල යෙදීමෙන් චර්ම රොග
           III.            ඇස්බැස්ටෝස් කර්මාන්තයෙන් පිලිකා ආදී රෝගී තත්වයන් ඇතිවිය හැක

සේවයයකුගේ අනතුරක් සම්බන්දයෙන් නියමිත මුදල් නොගෙවීම සම්බන්දව වන්දි කොමසාරිස් වරයා වෙත පැමිනිල්ලක් ඉදිරිපත්කල යුතුය

කම්කරු වන්දි කොමසාරිස් වරයාගේ වර්තමාන ලිපිනය


කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය
අංක 136
වොක්ශෝල් වීදිය
කොලඹ 02

 




                   සේවකයන්ගේ සේවය අවසන්කිරීමේ පනත

යම්කිසි කර්මාන්තයක සේවයේ නියුතු සේවකයන්ගේ සේවය හිතුමනාපයේ අවසන්කිරීමට නොහැකි කිරීම මෙම පනතේ අරමුනයි යම්කර්මාන්තයක සේවකයන් සේවයෙන් අවසන් කිරීමට සේවකයාගෙන් ලිකිත කැමැත්ත ලබාගතයුතු අතර එසේ නොවන අවස්තාවක කම්කරු කොමසාරිස් තුමාගේ අනුදැනුම ඇතිව සේවයෙන් ඉවත්කල හැක කොලඹ නාරාහෙන්පිට පිහිටි සේවය අවසන් කිරීමේ අංශය නමින් වෙනම අංශයක්ද පිහිටුවා ඇත



 

2 comments:

  1. ගොඩක් වටින ලිපියක්. මේ ලිපිය නිර්මාණ නමින් මාසිකව පළවන පුවත් පතේ පළකිරීමට අවසර දෙනවාද?

    ReplyDelete
  2. ස්තුතිය් මට Assignment එක හදන්න උදවු උණා

    ReplyDelete