Addsence

Wednesday, October 19, 2011

යතාර්ත වගකීම හා රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය (Rule of Ryland vs Flecher)

 
යම්කිසි දිලීක්ත වරදක් කරන කෙනෙකුට තමක් කරන දිලීක්ත වරදට සෘජුවම වගකිව යුතු වේ

එහෙත් තමන් විසින් හිතාමතා යම් වරදක් නොකරත් තමාගේ සේවකයකු හො තමාගේ පාලනය යටතේ කටයුතු කරන අයකු විසින් කරන ලද වරදකට එම තැනැත්තා සේවයේ යොදවන තැනැත්තාද වගකිව යුතුය එම වගකීම ප්රතිපුරුශ වගකීම යැයි කියමු

තමා චේතනාත්මකව වරදක් නොකරද තමා පදින්චි ස්තානයෙන් හො ඉඩමෙන් අනතුරු දායක දෙයක් නිකුත් වීමෙන් අසල් වැසියන්ගේ යාබද දේපලකට හානියක් සිදුවුවහොත් එම හානිදායක දේපල රැස්කරගත් තැනැත්තාටද දේපල හිමියාටද එම වගකීම පැවරේ එම වගකීම යතාර්ත වගකීම ලෙස හැදින්වේ
යතාර්ත වගකීම පිලිබද දිලීක්තය (තොරත) සිද්දාන්තය ඉංග්රීසි නීතියේනම්කර ඇත්තේ රයිලන්ඩ් එදිරි ෆ්ලෙචර් රීතිය (Rule of Ryland vs Flecher)  යනුවෙනි මෙම නඩුව 1868 වර්ශයේදි එංගලන්තයේ විබාගවු ප්රකට නඩුවක තීන්දුවකි එහිදී සිද්දිමය කාරනාව වුයේ



මොලක් ක්රියාත්මක කිරීම සදහා යලය රැස්කිරීමට ඉඩමක ටැන්කියක් සෑදීම සදහා විශාල වලක් හාරන ලදි  එවිට යාබද ඉඩමේ පතල්වලට සම්බන්ද සිදුරු වගයක් මතුවිය එවා නොවසා ටැන්කිය සකස්කල විට ටැන්කියේ ජලයෙන් පතල පිරීගියේය ටැංකිය ඉදිකරන ලද නිදහස් ගිවිසුම්කරුගේ නොසැලකිල්ලට මොල් හිමියා වගකිව යුතුයැයි සාමි මන්ත්රීමන්ඩලය තිරනය කලේය

මෙම නඩුවේදී බ්ලැක්බර්න් ( Blackburn) විනිස්චයකාර තුමා රීතියක් සදහන් කලේය එම රීතියනම්

තම ප්රයොජනය සදහා ඉඩමක පදින්චිකරු හො අයිතිකරු විසින් ඉඩමේ තබාගෙන සිටින අනතුරු දායක යම් දෙයක් යම් අත්වැරදීමකින් දේ ඉඩමෙන් පිටවී තවත් කෙනෙකුට හො වෙනත් දේපලකට හානියක් සිදුවෙයිනම් එම අනතුරු දායක දෙය නිකුත්වීම වැලැක්වීමට එම තැනැත්තා බැදීසිටී එසේම අනතුරු දායක ද්රව්යනිකුත්වීමෙන් සිදුවන සියලුම හානි වලට ඔහුවගකිය යුතුය

"Wherea person for his own purposes brings and keeps on land in his occupation anything
likely to do mischief if it escapes, he must keep it at his peril, and if he fails to do so, he is
liable for all damage which is a natural consequence ofthe escape."

මෙය රයිලන්ඩ් එදිරිව ෆ්ලෙචර් රීතිය ලෙස නීතිවේදීන් අතර ප්රචලිතව පවතී
 .....................................................................................................................................................................

Refer

4. lawnet    
   

No comments:

Post a Comment